උමාරා සමාව යදී – මම ජාතික ගීයට නිගරු කරන්න අදහස් කළේ නෑ

403

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙලේදී ජාතික ගීය ගායනා කිරීම හේතුවෙන් පීඩාවකට හෝ සිත් රිදීමකට ලක්වූ සියලු දෙනාගෙන් තමා සමාව ඉල්ලා සිටින බව ජනප්‍රිය ගායන ශිල්පිනී, උමාරා සිංහවංශ සිය නිල ෆේස්බුක් පිටුවේ (මුහුණු පොතේ) සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

2023 ජුනි මස 30 වන දින පැවැති එල්.පී.එල්. සමාරම්භක උළෙලේදී තමා විසින් ජාතික ගීය ගායනා කරනු ලැබූ අතර එහි ඇතැම් වචන උච්ඡාරණය කරන ලද අවස්ථාවන්හිදී ගැටලුසහගත තත්ත්වයක් ඇතිවී තිබීම හේතුවෙන් මෙලෙස සටහනක් තැබීමට තීරණය කළ බව ඇය සඳහන් කර ඇත.

ශ්‍රී ලාංකිකයකු වශයෙන් තමා නිරතුරුව ශ්‍රී ලංකා ධජය මහත් අභිමානයෙන් ඔසවා ඇති බවත්, මාතෘ භූමියට ආදරය කරන ගායන ශිල්පිනියක ලෙස තමා විසින් සෑම අවස්ථාවකදීම රටේ අභිමානය නඟාසිටුවීම සඳහා ගීත ගායනයෙන් මෙන්ම විවිධාකාරයෙන් තමාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කර ඇති බවත්, ජාතික ගීය ගායනා කිරීමේදී වචන විකෘති කිරීමකට හෝ කිසිදු ආකාරයක වැරදි අර්ථකථනයක් සැපයීමට තමා කිසි විටෙකත් අදහස් නොකළ බවත් ඇය සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ සටහන මගින් වැඩිදුරටත් සඳහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment