රැජිනි කාන්ත් අදත් කටුනායකට එයි

1791


දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළු රැජිනි කාන්ත් මහතා යළිත් මාලදිවයින සිට අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු අද දහවල් 11.20 ට මාලදිවයින සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ
, ගෝල්ඩ් රෑට් , විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණියේය.

ඉතා උසස් අන්දමින් පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ සේවිකාවන් පියවර ගෙන තිබූ අතර මද වේලාවකට පසුව ඔහු ඉන්දියාවේ චෙන්නායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.

රැජිනි කාන්ත් මහතා මීට පෙර ඉකුත් 14 වැනිදා ද මාලදිවයින බලා යන අතරතුර කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment