පූර්ණ චන්ද්‍රග්‍රහණයක් 8 වැනිදා…. ශ්‍රී ලංකාවට පේන්නේ භාගෙට

131

ආසියාව, ඔස්‌ට්‍රේලියාව, ඇමෙරිකාව හා යුරෝපයේ කොටසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් මෙම 8 වැනිදා සිදු වේ.

මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙසට බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා “දිවයින”ට පැවැසීය.

පූර්ණ චන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පස්වරු 1.32 ට වන අතර ග්‍රහණ උපරිමය පස්වරු 4.29 ටත් ග්‍රහණ අවසානය රාත්‍රී 7.26 ට සිදු වේ. නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48 ට චන්ද්‍රයා උදාවීමත් සමඟ ශ්‍රී ලාංකිකයන්ට මෙම සිදුවීමේ අවසාන කොටස පමණක් අර්ධ ග්‍රහණයක් ලෙස දැකගත හැකි අතර පියෙවි ඇසට පෙනෙන අර්ධ ග්‍රහණ අවධිය පස්වරු 6.19 ට අවසන් වන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.

මෙය 2022 වසරේ දෙවන සහ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය වන අතර එය පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය :ඊැ්ඩැර ඊකදදා ඵදදබ ෑජකසචිැ* ලෙසද හැඳින්වේ. මෙම චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව ශ්‍රී ලංකාව තුළ දැකිය නොහැක්කේ එම අවස්ථාවේ චන්ද්‍රයා ක්‍ෂිතිජයට පහළින් පිහිටා ඇති බැවිනි. චන්ද්‍රයා ක්ෂිතිජයට ආසන්නව පිහිටා ඇති විටෙකදී ලංකාවේ අපට ග්‍රහණය දිස්වීම ආරම්භ වන බැවින් චන්ද්‍රග්‍රහණය හොඳින්ම දැකබලා ගැනීම සඳහා උස් ස්ථානයක් තෝරා ගැනීම හෝ නැගෙනහිර ඊසාන දෙසින් බාධාවකින් තොරව අහස පෙනෙන ප්‍රදේශයක් සොයා ගැනීම වඩාත් සුදුසු බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා කීය.

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැවතත් ලොවට දිස්වනුයේ 2025 මාර්තු 14 වැනිදාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment