ජේඑන්. 1 ලොව ප්‍රධානම කොරෝනා ප්‍රභේදය බවට පත්වන ලකුණු

800

60 පැන්න අයට, ගැබිනියන්ට සහ දරුවන්ගේ ජීවිතවලට තර්ජනයක්

මෙම දිනවල ලොව පුරා රටවල ශීඝ්‍රයෙන් පැතිර යන ‘ජේඑන්.1’ කොරෝනා වෛරස් උප ප්‍රභේදය වයස අවුරුදු 60 ඉක්මවූ අවදානම් සහිත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අයට, ගැබිනි මවුවරුන්ට හා ළදරුවන්ගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි නිසා එම පිරිස් එම වෛරසය ආසාදනය වීමෙන් වැළැක්වීම වැදගත් බව සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යාවන් පිළිබද ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය රන්දීප් ගුලේරියා පවසයි.

ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු ද වන වෛද්‍ය ගුලේරියාට අනුව ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන ජේඑන්-.1 පැතිර යන වේගය අනුව එය ලොව ප්‍රධානතම කොරෝනා ප්‍රභේදය බවට පත් වන ලකුණු පෙන්නුම් කර ඇත. ඉන් ආරක්ෂා වීම හා පැතිරීම වැළැක්වීම සඳහා මහජනතාව ගැවසෙන ස්ථානවලට යෑමේදී මුහුණු ආවරණයක් පැළඳීම, කහින විට හා කිවිසුම් යවන විට ලේන්සුවකින් හෝ වැලමිටින් ආවරණය කිරීම, පිටතට ගොස් පැමිණි පසු දෑත් හොඳින් පිරිසිදු කිරීම යන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේ.

ජේඑන්.1 උප වෛරස් ප්‍රභේදය ඉන්දියාව, සිංගප්පූරුව, ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය ඇතුළු රටවල්

ගණනාවක ශීඝ්‍රයෙන් පැතිර යන බව වාර්තා වී තිබේ. ඉකුත් සෙනසුරාදා (23දා) උදෑසනින් අවසන් වූ පැය 24 තුළ එම ප්‍රභේදයට ගොදුරු වූ 752 දෙනකු ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment