හෝටලේ නවාතැන් ගත් පුද්ගලයා කාන්තා ඇඳුම් ඇඳ මියගිහින්

343

මළසිරුරේ කැපුම් තුවාල

පොලිසිය පරීක්‍ෂණ අරඹයි

හික්කඩුව සංචාරක හෝටලයක කාමරයක් තුළ කාන්තා යට ඇඳුම් ඇඳගෙන කැපුම් තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගත් බව හික්කඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇති පුද්ගලයා කැලණිය වරාගොඩ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු මෙයට දින දෙකකට පමණ පෙර හික්කඩුව, වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව ඇත. ඔහු ඉකුත් 30 වැනි දින හෝටලයට පැමිණ එක් දිනක් සඳහා කාමරයක් කුලියට ගෙන නතරව ඇති අතර පසුදින කාමරයේ දොර විවෘත නොකිරීම නිසා හෝටල් කළමනාකාරිත්වය පොලිසියට දන්වා ඇත. පසුව පොලිසිය පැමිණ කාමරයේ දොරකඩා බැලීමේදී ඔහු කාන්තා යට ඇඳුම් ඇඳගෙන කැපුම් තුවාල සහිතව කාමරය තුළ මියගොස් සිටියදී සොයා ගෙන තිබේ. මළසිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

අහංගම – සුගතපාල දියගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment