මාමා එල්ල කළ  පොරෝ පහරින්  බෑනා ජීවිතක්ෂයට – බීමත්ව පැමිණි සැමියා මටත් දරුවාටත් ගහන්න පොරවත් අරන් පසුපස පැන්නුවා – බිරිඳ සාක්ෂි දෙයි

854

මිය ගිය අනුරාධ නදීෂ පද්මසිරි

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් මාමා විසින් සිය බෑනාට පොරවකින් පහර දී ඝාතනය කර ඇතැයි ගම්පොල පුස්සැල්ලාව පොලිසිය පවසයි. මෙම සිද්ධිය 6 දින සවස සිදුවී තිබිණි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගම්පොල පොලිස් කොට්ඨාසයට අයත් පුස්සැල්ලාව, පුස්සැල්ලාව ගම පදිංචි අනුරාධ නදීෂ පත්මසිරි නමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.

මාමා එල්ල කළ  පොරෝ පහරින්  බෑනා ජීවිතක්ෂයට - බීමත්ව පැමිණි සැමියා මටත් දරුවාටත් ගහන්න පොරවත් අරන් පසුපස පැන්නුවා - බිරිඳ සාක්ෂි දෙයි
මියගිය අයගේ පියා පොලිසිය වෙත කරුණු දැක්වූ අයුරු සහ පොලිස් පරීක්ෂණ පැවැත්වූ අයුරු

මිය ගිය අය නිතරම බීමත්ව සිය දරුවාට හා තමාට පහර දෙන බවත් එසේ පහර දීමට පොරවක්ද  රැගෙන පසුපස පන්නාගෙන එන අතරතුර සිය පියා විසින් එය උදුරා තම සැමියාට පහර දී ඇති බව මියගිය අයගේ බිරිඳ වන ඉරේෂා උදයංගනී මහත්මිය විසින් පොලිසියට පවසා ඇත.

සිද්ධියෙන් පසු සැකකාර මාමා පුස්සැල්ලාව පොලිසිය වෙත පැමිණ තමා විසින් බෑනා මරා දැමූ බව පවසා භාර වී තිබේ. පොලිසිය පහර දීමට යොදා ගත් පොරව ද සොයා ගනු ලැබ ඇත. 45 හැවිරිදි සැකකරු කලක් යුද හමුදාවේ සේවය කළ අයෙකු වන අතර ඔහුගේ දියණිය සමග මරණකරු මීට වසර 7 කට පෙර විවාහ වී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මරණකරු රැකියාව සඳහා විවිධ ප්‍රදේශවලට ගොස් සති තුන හතරකට පමණ වරක් නිවෙසට පැමිණෙන බවත් මෙවර ඔහු පැමිණ ඇත්තේ සිය දරුවාගේ තුන් අවුරුදු උපන් දිනය නිමිත්තෙන් බවත් හෙළි වී ඇත. එසේ පැමිණි මරණකරු දිනය පුරාම බීමත්ව සිට මෙසේ බිරිඳ හා මාමා සමග ආරවුලක් ඇතිකරගැනීම නිසා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත. පුස්සැල්ලාව ගම විහාරස්ථාන භූමියේ කැපුම් තුවාල සහිතව මෙම පුද්ගලයා මිය ගොස් සිටි අතර ඊයේ දින ගම්පොල සොකෝ අංශය විසින් පරීක්ෂණ අරඹන ලදී.

ගම්පොල වැඩබලන මහෙස්ත්‍රාත් ආර්. රණතුංග මහතා විසින් මෙහි මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා සිරුර මහනුවර මහ රෝහල වෙත රැගෙන යෑමට උපදෙස් දෙන ලදී.

පුස්සැල්ලාව පොලිසිය ස්ථානාධිපති ඉන්දික එහෙම කුමාර යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් සුගතදාස පොලිස් සැරයන්වරුන් වන (29973) මාවලගේ, (45171) උපාලි ගුණරත්න, පොලිස් කොස්තාපල් (48831) අනුර යන නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

ගම්පොළ – සුරංග දිල්හාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment