Shakthi TV වෙතින් Shakthi Crown

40

ශක්ති සුපර් ස්ටාර්, ”ශක්ති ජූනියර් සුපර්ස්ටාර්, ඉසෙයි ඉලවරසර්කල්, ග්ලෝබල් ස්ටාර්, ශක්ති සුපර්ස්ටාර් ප්‍රිමියර් ලීග් සහ ඉසෙයි මහා යුත්තම් යන වැඩසටහන් තුළින් මෙරට සංගීත ක්‍ෂේත්‍රයට දක්ෂ ගායක ගායිකාවන් රැසක් හඳුන්වාදුන් ශක්ති ටීවී නාලිකාවේ මීළඟ රියැලිටි පෙරළිය වන්නේ ශක්ති Shakthi Crown ය.

Shakthi TV වෙතින් Shakthi Crown

ජාත්‍යන්තර තලයේ ප්‍රමිතීන්වලට අනුකූලව නව පරපුරේ ආධුනික ගායක ගායිකාවන් හට සංගීත ක්‍ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය අඩිතාලම සකස්කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන ශක්ති නාලිකාව මගින් Shakthi Crown වැඩසටහන ආරම්භ කරයි. රට පුරා විසිර සිටින ගායන හැකියාවන් ඇති දක්‍ෂයින් හඳුනාගනිමින් ඔවුන් වෙනුවෙන්ම ඉදි වූ සුවිසල් වේදිකාවේ ගීත ගැයීමට අවස්ථාව ලබාදෙන Shakthi Crown වැඩසටහනේ මූලික හඬ පරීක්‍ෂණය පසුගිය 08 වැනිදා ආරම්භ කරන ලදී.

Shakthi TV වෙතින් Shakthi Crown

තෝරාගැනීමේ වටයෙන් අනතුරුව වේදිකාවේදී ගායක ගායිකාවන්ගේ දක්‍ෂතා හඳුනාගනිමින් ඔවුන් ඉදිරියට ගෙනයෑමේ කර්තව්‍යයට මෙරට සංගීත ක්‍ෂේත්‍රයට නව මුහුණුවරක් එක් කළ සාහිත්‍යා ගජමුන්” චන්දෘ රාසූරියර්” සමගින් ශ්‍රී රාම් සච්චි උරදෙනු ඇත. ශ්‍රී ලංකාවට සංගීතය හරහා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලබාදුන් වාගීසන් සිවනාදන්” භානු තීපන් සහ මදුශ්‍රී ආදිත්තන් වැඩසටහනේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන අතර තරුණ තරුණියන්ගේ සිත් දිනාගත් ඒ.’ආර්’ යශෝදරන් සහ යොවුන් ගායිකා මාදුවී විසින් වැඩසටහන මෙහෙයවයි.

ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයට නව පරපුරේ ගායක ගායිකාවන් හඳුන්වාදෙන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් Shakthi Crown වැඩසටහන සති අන්තයේ රාත්‍රි 8.30ට ශක්ති ටීවී තුළින් විකාශය කෙරේ.

හේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment