යෞවනයට අතදෙන ක්‍රීඩා තෝතැන්න

89

කොවිඞ් උවදුරෙන් අවහිර වූ දේශීය පිටිය සෙමෙන් සෙමෙන් අත් පා දිගහරිමින් නැගිටින්නට වෙර දරමින් සිටී. ජාතික යොවුන් කී‍්‍රඩා උළෙල නම් මෙරට කී‍්‍රඩා අංකුරවල තෝතැන්න පසුගියදා සුගතදාස කී‍්‍රඩාංගණයේදී පණගසමින් නැගී සිටියේ ඊට තවත් නිදසුනක් එක් කරමිනි. කොවිඞ් තර්ජන හමුවේ 2020 වසරේ පවත්වන්නට නොහැකි වූ ජාතික යොවුන් කී‍්‍රඩා උළෙල සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව මෙවර පැවැත්වුණේ ඒ අනුවය.

වසර දෙකක් පුරා සිය කී‍්‍රඩා කෞශල්‍ය විදහා පෙන්වන්නට තැනක් නොමැතිව, මඟක් නොමැතිව සිටි දහස් සංඛ්‍යාත කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ එම කී‍්‍රඩා උළෙලේදී සිය දක්ෂතා පෙන්වීමට වරම් උරුම කර ගත්හ. ඒ දක්ෂතා මගින් බිහි වූ වාර්තා ගණන 11 කි. තවත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සිය ගණනක් සිය උපරිම දක්ෂතාවලට පැමිණියහ. එමෙන්ම බොහෝ දේ ඉගෙන ගත් ඔවුහු ගෙදරින් ආවාට වැඩි දෙයක් ආපසු යන විට රැගෙන ගියහ. අත්දැකීම්, පළපුරුද්ද, තරගකාරීත්වය, සහෝදරත්වය මුසු වුණු පරිණත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් බිහි වීමට තෝතැන්නක් බඳු ජාතික යොවුන් කී‍්‍රඩා උළෙල ආරම්භ කෙරුණේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ යෝජනාවකිනි.

ජාතික තරුණ සේවා සභාවත්, කී‍්‍රඩා අමාත්‍යාංශයත්, යෞවන සමාජ සම්මේලනයත් එක්ව මෙවර මෙම කී‍්‍රඩා උළෙල පැවැත්වීය. ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා වන්නේ දමිත වික‍්‍රමසිංහ මහතායි. ඔහු පවසන්නේ සති 6 ක් වැනි කෙටි කාලයක් තුළදී මෙතරම් දැවැන්ත කී‍්‍රඩා උළෙලක් සංවිධානය කරන්නට හැකි වීම අගය කළ යුත්තක් බවය. එමෙන්ම ඉතිහාසයේ සාර්ථකම ජාතික යොවුන් කී‍්‍රඩා උළෙල මෙය බවත් දමිත වික‍්‍රමසිංහ මහතාගේ මතය වේ.

පසුගිය 19 වැනිදා සිට 22 වැනිදා දක්වා සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ දක්ෂතම කී‍්‍රඩකයන්ට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් මුදල් ත්‍යාග ද පිරිනැමිණි. එසේ දක්ෂතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 4 දෙනකු වයස අවුරුදු 20 න් පහළ සහ 20 න් ඉහළ කාණ්ඩවලින් තෝරා ගැනුණි. ඒ අනුව වයස 20 න් පහළ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සිතිජ කෞශල්‍ය ඩයස් සහ කී‍්‍රඩිකාව ලෙස බී. සයුරි ලක්ෂිමා මෙන්ඩිස් සම්මාන දිනා ගත්හ. වයස 20 න් ඉහළ දක්ෂතම කී‍්‍රඩකයා වූයේ යසිඳු හේරත් සහ කී‍්‍රඩිකාව වූයේ කෞශල්‍යා මධුශානිය, ඔවුන් හතරදෙනාට පිරිනැමුණු මුළු මුදල් ත්‍යාගවල එකතුව රුපියල් ලක්ෂ දහයකි.

ශූරතාවය දිනා ගත් ගම්පහ දිස්ති‍්‍රක්කයට මුදලින් රුපියල් ලක්ෂ එකහමාරක් ද, අනුශූරතාවය දිනූ කොළඹ දිස්ති‍්‍රක්කයට රුපියල් ලක්ෂයක් ද, තෙවැනි ස්ථානය හිමිකර ගත් මහනුවර දිස්ති‍්‍රක්කයට රුපියල් හැත්තෑපන්දහසක මුදල් ත්‍යාග ද පිරිනැමිණි.

සමස්තයක් ලෙස ගත් කල මෙවර කී‍්‍රඩා උළෙලේ දී පිරිනැමුණු මුදල් ත්‍යාගවල වටිනාකම රුපියල් ලක්ෂ 20 කට ආසන්න වේ. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දිරිගැන්වීම මේ මුදල් ත්‍යාගවල අරමුණ බව සැබෑය. ඔවුන්ට කී‍්‍රඩාවට අවැසි ආම්පන්න ලබාගැනීමට මෙන්ම තම මහන්සියට, කැපකිරීමට ලැබුණු තුටු ප`ඩුරක් ලෙස ඒවා සියතට ගත් ඔවුහු සතුටු සිතින් කී‍්‍රඩා බිමෙන් නික්ම ගියහ.

එමතු ද නොව එම කී‍්‍රඩා උළෙලේ විශිෂ්ට දක්ෂතා දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසක් විශේෂ සංචිතයකට එක් කිරීමට ද නියමිතය. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 20 දෙනකු පමණ ඒ සඳහා තෝරා ගැනීමට කටයුතු යොදා ඇත. හෙට දිනයේ ශී‍්‍ර ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනයෑමට සමත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මේ ලබාදෙන අත්වැල සුළුවෙන් තැකීමට නොහැක.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment