ජොකොවික්, නඩාල් සහ ෆෙඩරර් සමග සමතැන් ගනීද?

199

ලොව වැඩිම වරක් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාව
ජයග‍්‍රහණය කළ ක‍්‍රීඩකයින් එක්කෙනෙක් නොව
දෙන්නෙක් සිටිනවා. ඒ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරල් සහ
ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්. ඔවුන් දෙදනා ජයග‍්‍රහණය කර
ඇති ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා ගණන 20ක් වෙනවා.


ඒත් මේ දෙදෙනා පසු පස හඹා යන තවත් ශූරයෙක්
ඉන්නවා. ඒ තමයි සර්බියාවේ නොවැක් ජෙකොවික්. පසුග
ියදා පැවැති ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවය ජයග‍්‍රහණය
කළ නොවැක් ජෙකොවික් මේ වනවිට ලොව අංක එකේ
ටෙනිස් ක‍්‍රීඩකයාද වනවා.
නොවැක් ජොකොවික් සහ රෆායල් නඩාල් අතර පැවැති
ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් පූර්ව තරගයේදී
ජෙකොවික් නඩාල්ව පරාද කළ අතර නඩාල් මේ වනවිට
ලොව අංක 03ට ශ්‍රේණිගතව සිටින ටෙනිස් ක‍්‍රීඩකයා
වෙනවා.


ඒ අතර ලොව තවත් ප‍්‍රධානතම ටෙනිස් තරගාවලියක්
වන විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය මේ මස 28 වැනිදා
ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඔලිම්පික් තරගාවලිය
ජූලි 23 වැනිදා ආරම්භ වෙනවා. මේ තරගාවලි දෙකටම
රෆායල් නඩාල් සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව
ජොකොවික්ගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියාගෙන්ද ඉදිරි තරගාවලි දෙකේදී ඔහුට
අභියෝගයක් එල්ල වෙන්නේ නැහැ. ඒ නිසා නොවැක් මේ තරගාවලි
දෙකෙන් එකක් හෝ ජයගතහොත් ඔහු නඩාල් සහ ෆෙඩරර් සමඟ සමතැන්
ගනු ඇති.

advertistmentadvertistment
advertistmentadvertistment