ගෙදර තරප්පුවෙන් වැටී අම්මා මියගියා – තාත්තා ඔත්පල වුණා…

127

දුව සාක්ෂි දෙමින් පවසයි

“මගේ තාත්තා මීට හරියටම මාසයකට පෙර අප ජීවත් වන නිවසේ තරප්පුවෙන් වැටී ඔත්පල වී සිටිනවා. අපගේ ඥාතීන්ගෙන් ද උදව් ලැබුණත් තාත්තාට සුවයක් නෑ. ඒ අතරේදී අම්මා ද (22) එම තරප්පුවෙන් වැටී මරණයට පත්වුණා. අපි ඉන්නේ කුලී ගෙයක. අපි ජීවත් වන්නේ ඇඳුම් මැසීමෙන්. මා අවිවාහකයි. මේ තත්ත්වය හමුවේ මා අසරණ තත්තවය පත්වුණා.” යැයි තම මවගේ හදිසි මරණය පිළිබඳ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් බලන්ගොඩ, කිරිඳිගල පදිංචි කේ. ලින්දුජා (23) නමැති තරුණිය පැවසූවාය.

මෙසේ මරණයට පත් වූයේ වේලායුදම් තිලකවදී (62) නමැති එක් දරු මවකි. මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය නීති වෛද්‍ය නිලධාරී ජේ.ඒ.ආර්.එම්. රත්නායක මහතා සිදුකල අතර සාක්ෂි මෙහෙයවීම බලන්ගොඩ පොලීසියේ උ.පො.ප. යූ.කේ. ආයුවර්ධන මහතා විසින් සිදු කලේය. උසකින් පහලට වැටී හිස්කබල පුපුරා මොළයට හානි සිදුවීමෙන් සිදු වූ මරණයක් බවට තීන්දුව ප්‍රකාශ කළ බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජය තිලක මහතා අවධාරණය කලේ නිවසින් පිටතින් යොදා තිබූ ආරක්ෂිත අත්වැටක් නොමැති තරප්පු පෙළ නිසා මෙම අනතුර සිදු වූ බවයි.
බලන්ගොඩ එන්.එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment