ජලය ලීටරයකින් පැයකට කිලෝවොට් 100 ක විදුලිය නිපදවිය හැකි ජෙනරේටරයක්

277

ජලය ලීටරයකින් පැයකට කිලෝවොට් 100 ක විදුලියක් නිපදවිය හැකි ජෙනරේටරයක් මෙරටට හඳුන්වාදීමට ජපන් සමාගමක් එකඟ වී ඇත. අවශ්‍යතාව අනුව කිලෝවොට් ප්‍රමාණය වැඩිකර ගත හැකිය.

මෙම විදුලි ජනන යන්ත්‍රය මේ වනවිට ඔස්‌ට්‍රේලියාව, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවලට ජපානය විසින් අපනයනය කිරීම ආරම්භ කර ඇත.

මෙම විදුලි ජනන යන්ත්‍රය ජපානයේ ග්ලෝබල් ලින්ක් සමාගම නිර්මාණය කර තිබෙන අතර එය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සිදු කරන බව එම සමාගමේ මෙරට නියෝජිත සෙන්දිල් කුමාර් මහතා කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

විදුලිය නිෂ්පාදන පිරිවැය සියයට 40 ත් 60 ත් දක්වා මෙම ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් අඩුකර ගත හැකි බවද ඒ මහතා කීය. මෙරට ආයෝජන කලාප, විශාල ගොඩනැඟිලි, විශාල රෝහල්, වරායන්, ගුවන් තොටුපළවල් වැනි අඛණ්ඩ හා විශාල විදුලි සැපයුම් අවශ්‍යතා සඳහා මෙය භාවිතා කළ හැකිය. මේ සඳහා විශාල මූලික ප්‍රාග්ධනයක් වැය වුවත් වසර 03 කදී එම මූලික ප්‍රාග්ධනය ආවරණය කරගත හැකි බවද කුමාර් මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment