ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණයෙන් සහනයක්

389

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබු නියෝගය ඉවත් කර තිබේ.ඒ සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (07) යළි කැඳවු අවස්ථාවේදී ය.සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණි. නඩුව යළි අප්‍රේල් 27 වැනිදා කැදවනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment