වෙළෙද ඇමැතිට අභියෝගයක්

262

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුවී තිබියදී ආහාර පාන මිල අඩු නොකරන ආපනශාලා වැටලීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් ජනතාව සමග එක්ව එය සිදුකිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. මේ වනවිට අල, ලූනු ,එළවළු,මාළු, පාන් පිටි, ගෑස් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ රැසක මිල විශාල ලෙස අඩුවී තිබියදී බත් පාර්සලයක,කොත්තුවක,ප්ලේන්ටියක මිල අඩු නොකරන ආපනශාලා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද සදහන් කරයි. අද සිට බත් පාර්සලයක සහ කොත්තුවක මිල සියයට විස්සකින් අඩු කිරීමට තම සංගමය පියවර ගෙන ඇති බවත් ඒ අනුව කටයුතු නොකරන ආපනශාලා සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සදහන් කරයි. මේ සදහා වෙළෙද ඇමැතිවරයාගේ ද ඍජු මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ද ඔහු පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment