ශ්‍රී ලංකාවට ලකුණු 04ක ජයක්

205

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ඇෆ්ගනිස්තානයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 160ක් ලබා ගත්තේය. තරගය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 161කි. නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ඔවුනට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 156ක් පමණි.පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment