ලෝක වනජීවී දිනයේදී වනජීවී නිලධාරීහු ඇගයීමට ලක්වෙති

37

ලෝක වන ජීවී දිනය පසුගිය (මාර්තු) 03 වැනිදාට යෙදී තිබිණි. මේ නිමිත්තෙන් වූ සුවිශේෂී වැඩසටහනක් වීරවිල (හම්බන්තොට) ඩබල් ටී්‍ර හිල්ටන් හෝටලයේදී එදිනම පැවැත්විණි. විශ්‍රාමික වන ජීවී නිලධාරීන් සහ නුදුරේදී විශ්‍රාම ලැබීමට නියමිත වන ජීවී නිලධාරීන් ඇගයීමට ලක්කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් පරිදි සමගි ජන බලවේගයේ ‘හරිත’ පාරිසරික වැඩසටහන වන “ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම – ”National Green Initiative” මගිනි.

ලෝක වනජීවී දිනයේදී වනජීවී නිලධාරීහු ඇගයීමට ලක්වෙති

රටේ වන හා වන ජීවී සම්පත සංරක්ෂණය සඳහා දිවි හිමියෙන් කැපවී ක්‍රියාකළ, එනමුත් හරි හැටි ඇගයීමකට මෙතෙක් ලක් නොවූ දකුණු ලක වන ජීවී නිලධාරීන්ට සේවා ඇගයීමක් ලබාදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණු අතර, උත්සවය සමාරම්භ කරමින් “ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම” ජාතික සංවිධායක ප්‍රකට පරිසරවේදී දිලුම් අලගියවන්න මහතා පැවසුවේ මෙසේ පවත්වනු ලබන ඇගයීම් උළෙල හුදෙක් දේශපාලනික ප්‍රචාරක ව්‍යාපාරයක් නොව, සැබැවින්ම රටේ වන හා වනජීවී සම්පත රකින්නට තම දිවියම කැප කරන ලද නිලධාරීන් අගය කිරීම සඳහාම ජාතික වගකීමක් ලෙස කලක පටන් සැලසුම් කරන ලද වැඩසටහනක් මෙසේ ක්‍රියාවට නගනු ලබන බවයි.

ලෝක වනජීවී දිනයේදී වනජීවී නිලධාරීහු ඇගයීමට ලක්වෙති

හුදෙක් රාජකාරියක් පමණක් නොව, දවසේ පැය 24 ම පුරා රටේ වන සම්පත හා රටේ වන ජීවී සම්පත සුරකින්නට කටයුතු කරන නිලධාරීන් කොටසක් අප රටේ රාජ්‍ය තන්ත්‍රය තුළ සිටින්නේ නම් ඒ වන ජීවී නිලධාරීන්ම පමණක් බව මෙහිදී පෙන්වා දුන් මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූ “ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම ”National Green Initiative” සභාපති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, වර්තමානයේ රට මුහුණ දී ඇති පාරිසරික අර්බුද පිළිබඳවද අදහස් දැක්වීය. එසේම, තිරසාර වන ජීවී සංවර්ධනයක් සඳහා ”රෑප්‍රජා කේන්ද්‍රීය සංරක්ෂණයක්”රෑ රටට අවශ්‍ය බවද හෙතෙම පෙන්වා දුන්නේය.

සම්මන්ත්‍රණයක් ස්වරූපයෙන් පැවති මෙම උළෙලේදී වර්තමානයේ රට මුහුණදී ඇති ප්‍රමුඛ පාරිසරික අර්බුද පිළිබඳවද විද්වතුන් විසින් විපක්ෂ නායකවරයාගේ සහ උත්සව සභාවේ අවධානය යොමුකරවන ලදී. ඒ අනුව, “මධ්‍යම ආසියාතික කුරුලු පර්යටනික මාර්ගය” ඔස්සේ මන්නාරම දූපත මැදින් ශ්‍රී ලංකාවට වසරක් පාසා පැමිණෙන මිලියනයකට වැඩි කුරුල්ලන්ගේ සංක්‍රමණික මාර්ගය අවහිර කරමින් එක්තරා සමාගමක් මගින් කුරුලු බාධකයක් සේ ඉදිකරනු ලබන සුළං විදුලි බලාගාර පද්ධතිය පිළිබඳව හා එමගින් සිදුවන්නට නියමිත හානිය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා විසින් දේශනයක් සිදුකරනු ලැබීය. එසේම, “අලි මිනිස් ගැටුම අවම කිරීමේ වැදගත්කම රටේ සංවර්ධන න්‍යාය පත්‍රයේ තිරසාර බව” මැයෙන් තවත් දේශනයක් හිටපු වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රකට අලි පර්යේෂකයකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසින් සිදුකරන්නට යෙදිණි.

මෙහිදී වන ජීවී නිලධාරීන් 200 කට ආසන්න පිරිසක් සඳහා ඇගයීම් සම්මාන පිරිනමන ලදී. එසේම තෝරාගන්නා ලද නිලධාරීන් කිහිප දෙනකුගේ දරුවන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානයක්ද මෙහිදී සිදුකෙරිණි. විශේෂය වන්නේ විශ්‍රාම ගිය නිලධාරීන් රාශියක් එකවර එක තැනකදී මෙසේ මුණගැසීම සහ ඇගයීමට ලක්වීමද මේ මගින් සිදුවීමය. ඒ පිළිබඳව අදහස් දැක්වූ නිලධාරීන් රැසක්ම කියා සිටියේ මෙම උත්සවය තම දිවි ගමනට මහත් ශක්තියක් හා වින්දනීය අත්දැකීමක් වූ බවයි.

● ජගත්

advertistmentadvertistment
advertistmentadvertistment