සංගීත භාණ්ඩ අස්සේ මත්කුඩු

315

කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය පවසයි.

සැකකරු සමග හොරයින් මත්කුඩු ගෑම් 372 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 558 පොලිසිය සොයාගෙන ඇත.
වාදන භාණ්ඩ අතර තිබූ බෙරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය කියයි.

පැදුරු සාජ්ජ පැවැත්වීම , වාදන භාණ්ඩ කුලියට ලබාදීම ආදිය සිදුකරන මුවාවෙන් මෙම සැකකරු කාලයක සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment