ජල ක්‍රීඩා පදක්කම් 3 ක් මතුගම කන්නන්ගරයේ රෙෂිතට

66

දිවයිනේ පාසල් ජල ක්‍රීඩකයන් අතර පැවැත්වූ 2024 සමස්ත ලංකා ආධුනික ජල ක්‍රීඩා තරගාවලියේදී මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාල ජාතික පාසලේ රෙෂිත අශින්ත දොඩන්ගොඩ රන්, රිදී හා ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සමත් වූයේය.

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය විසින් පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පිහිනුම් තටාකයේදී මෙම තරගාවලිය පැවැත්වීය. රෙශිත එහිදී 20 න් පහළ නිදහස් ආර තරගයේ පළමු ස්ථානය ද, මිශ්‍රආර තරගයේ දෙවන ස්ථානය සහ හා පසුපසආර තරගයේ තෙවන ස්ථානය දිනා ගනිමින් එම පදක්කම් දිනා ගත්තේය. රෙශිතගේ ජල ක්‍රීඩා පුහුණුකරු ලෙස ධම්මික මුනසිංහ මහතා කටයුතු කරයි.

මතුගම විශේෂ – අනුර. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment