ශ්‍රී ලංකා ක්‍රිකට් අර්ජුනගෙන්  බිලියන 2ක වන්දියක් ඉල්ලයි

548

වත්මන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරායා වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

ඊයේ (15 වැනිදා) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු හදිසි රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවට නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටී.

ඉකුත්දා පැවැති රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකදී අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට එරෙහිව ද්වේශ සහගත චේතනාවෙන් මෙන්ම අසත්‍ය සහ අවමන් සහගත ලෙස ප්‍රකාශයක් සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව චෝදනා කර සිටී. ඒ අනුව එමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙන්ම නිලධාරීන්ගේ කීර්තිනාමයට සිදු වූ හානිය සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතාට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. මීට අමතරව තම කීර්තිනාමට සිදු වූ හානිය සම්බන්ධයෙන් රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලා නීතිඥවරුන් මාර්ගයෙන් එන්තර වාසියක් යැවීමටත් ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment