ඕස්ට්‍රේලියා සිහින පෙන්වා පෙම්වතාගෙන් ලක්ෂ 18ක් වංචා කළ පෙම්වතිය දැලේ

947

පෙම්වතා ඕස්ට්‍රේලියාවට යවන බව කියමින් රුපියල් ලක්ෂ 18 ක මුදලක් වංචා කළ තරුණියක් කිළිනොච්චිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ මනිපායි ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සිය පෙම්වතිය බැලීමට කිළිනොච්චියට වරින් වර පැමිණ ඇති අතර එසේ පැමිණි එක් අවස්ථාවකදී තරුණියගේ ඥාතියෙකු ඕස්ට්‍රේලියාවේ සිට කතා කරන බව කියමින් දුරකතනය පෙම්වතා අතට දී තිබේ.

මෙසේ දින කීපයක්ම දුරකතනයෙන් කතා කිරීමෙන් පසුව පෙම්වතාව ඕස්ට්‍රේලියාවට කැඳවා ගත හැකි බව පවසා ඊට අවශ්‍ය කටයුතු කිරීම සදහා පෙම්වතියට මුදල් ලබා දෙන ලෙස ඉල්ලීමක් කොට තිබේ.

ඒ අනුව තරුණයා රුපියල් ලක්ෂ 18 ක මුදලක් පෙම්වතියට දී ඇති අතර එම මුදල ලබා දුන් දිනයේ සිට පෙම්වතිය වෙනස් වන්නට පටන් ගෙන අවසානයේදී පෙම් සබඳතාවද නවතා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් පෙම්වතා පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පෙම්වතිය අත්අඩංගුවට ගෙන ඇති කිළිනොච්චිය පොලීසිය ඇයව අධිකරණය වෙත ඉදීරිපත් කිරීමට පියවර ගෙන ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment