පාකිස්තානයේ පූජනීය ස්ථාන  වන්දනාමාන කිරීමේ වැඩපිළිවෙළක් ඇරැඹුවා – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

152

පාකිස්තානය තුළ පවතින පූජනීය ස්ථාන වන්දනාමාන කිරීමේ අවස්ථාව මෙරට බැතිමතුන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි අභයරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පෙරේදා (07 දා) පැවසූහ.

මේ සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීම සඳහා තමන් වහන්සේ ඇතුළු මෙරට දූත පිරිසක් පකිස්තානයේ සංචාරය කළ බවත්, එහිදී බෞද්ධ උරුමයන් පිළිබිඹු වන බොහෝ ස්ථාන වැඳ පුදාගෙන පැමිණීමට අවස්ථාව උදාවූ බවත් උන්වහන්සේ අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මේ වනවිට පකිස්තානයේ සංචාරය කිරීම සඳහා බෞද්ධ පිරිස් රැුගෙන යෑමට ව්‍යාපාරික නොවන ආකාරයෙන් අභයාරාමය මැදිහත් වී කටයුතු කිරීමට පකිස්තාන රජය සහ තානාපති කාර්යාල සමග සාකච්ඡුා කරමින් සිටින බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment