මන්ත්‍රී ආරක්ෂාවට කථානායක ගත් පියවර

214


සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විවිධ පියවර ගෙන ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පදිංචිව සිටින ස්ථානවලට අමතර ආරක්ෂාව සැලසීමට පියවර ගෙන ඇති බවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීමේදීත් පිටව යෑමේදීත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බවත් කතානායකවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස තමා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇතැයි ද කථානායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment