දියණියට පෙම්කළ සිසුවාට අතපය කැඩෙන්න පොල්ලකින් ගහලා

238

සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගත් 11 වසරේ ඉගෙනුම ලබන සිසුවකුට එම විදුහලේම සිසුවියකගේ ‘මල්ලියා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පියා විසින් පෙරේදා (08 දා) 1.40ට පමණ පොල්ලකින් පහර දී ඇති බවට මොරොන්තුඩුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ පහරදීම සිදුවී ඇත්තේ සිසුවා පාසල නිම වී නිවසට යන අතරතුරදී කලපුගම, කජුවත්ත වෙන්දේසි වත්ත අසලදී බව පොලිසිය පවසයි. පහරකෑමට ලක්වූ සිසුවාගේ දකුණු පාදයට හා දකුණු අතට තුවාල සිදුවී ඇති අතර සිසුවා රෝහල් ගත කර ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරොන්තුඩුව පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර ඇත.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment