යතුරුපැදිය ගවයකුගේ ඇඟේ ගැටී ශිෂ්‍යයා ජීවිතක්‍ෂයට

513

කිළිනොච්චිය මුරුගාන්නද විද්‍යාලයේ සිසුවකු ගමන් කළ යතුරුපැදිය ගවයෙකුගේ ඇඟේ ගැටීම නිසා සිදු වූ අනතුරකින් එම ශිෂ්‍යයාත්, ගවයාත් සිද්ධිය වූ ස්ථානයේදීම පෙරේදා (10 දා) මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මුරුගාන්නද විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 18 ක් වයසැති තවරාසා සරූජන් නමැති අයෙකි.

මෙම සිසුවා කිළිනොච්චියේ කණ්ඩාවලෙයි ප්‍රදේශයේ සිට පුලියම්පොක්කනෙයි දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත. කිළිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පර්‍රීක්ෂණ පවත්වයි. සිසුවා ගවයාගේ ගැටීමත් සමගම ඔහු ගමන් කළ යතුරුපැදිය කැබලි දෙකකට වෙන්ව ඇති අතර එම අනතුරෙන් මාර්ගය හරහා ගමන් කළ ගවයාද සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment