බෙදුම්වාදය පැරද වූ විජයග්‍රහණයේ කතාව

452

කොටි පරාජය වීමෙන් පසු ඩොලර් මිලියන 6000 කට අධික අවි ආයුධ හමුවිය. ඇමරිකාව, බි්‍රතාන්‍ය, ජපානය, නෝර්වේ යන රටවල් සැපයූ අධිතාක්‍ෂණික සන්නිවේදන යන්ත්‍ර පවා හමුවිය. හැරිසයිට් හෙවත් ආර් ඩී එක්ස් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4000 කට අධික සංඛ්‍යාවක්ද හමුවිය.

කොටි සංවිධානය පරදවා අදට (18) වසර 14 කි. එහෙත් මෙරට ජනතාවට එය අමතක වී ඇත. එසේ වුවත් විදේශ ගත බෙදුම්වාදී ද්‍රවිඩයන්ට එය අමතක නැත. ඔවුහු කොටි ත්‍රස්තවාදී යුද්ධය හඳුන්වා ඇත්තේ සංහාරයක් ලෙසිනි.

බෙදුම්වාදය පැරද වූ විජයග්‍රහණයේ කතාව

කොටි පරාජය වීම තුළින් කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ඇත.

ඊට බි්‍රතාන්‍ය කොටි හිතවාදී මන්ත්‍රීවරු පිරිසක්ද එක්වී සිටිති. මෙම සතියේදී කොටි ඩයස්පෝරාව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ඊළාම් සමුළුවක් පැවැත්වූහ. එහිදී ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව මැග්නිට්ස්කි සම්බාධක පනවන ලෙස ඉල්ලා ඇත. කොටි පැරදවීම නිසා මෙරට හමුදා ප්‍රධානීහු 59 කට යුධ අපරාධ චෝදනා එල්ල වී තිබේ. එහෙත් යුධ අපරාධ සිදුකළ කොටි බි්‍රතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ස්ව්ට්සර්ලන්තය, නොර්වේ, කැනඩාව, ඇමරිකාව, ඔස්ටේ්‍රලියාව යන රටවල සිටිති. ඒ කිසිවකුටත් යුධ අපරාධ චෝදනා එල්ල වී නැත.

කොටි පරාජය වීමෙන් පසු ඩොලර් මිලියන 6000 කට අධික අවි ආයුධ හමුවිය. ඇමරිකාව, බි්‍රතාන්‍ය, ජපානය, නෝර්වේ යන රටවල් සැපයූ අධිතාක්‍ෂණික සන්නිවේදන යන්ත්‍ර පවා හමුවිය. හැරිසයිට් හෙවත් ආර් ඩී එක්ස් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4000 කට අධික සංඛ්‍යාවක්ද හමුවිය.

නෝර්වේ රාජ්‍යයේ නිපදවූ චන්ද්‍රිකා උපාංග සොයා ගැනුණි. යුධ හමුදාව විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද බවට යුරෝපා රටවලදී සහ මානව හිමිකම් සමුළුවේදී ප්‍රචාරයවූ කොටි බිරියන් ජිනීවා මානව හිමිකම් ශාලාවේදී මාහට දක්නට ලැබුණි. එහෙත් ශ්‍රී ලංකාවේ රජය ඊට අභියෝග කළේ නැත. 1983 සිට වසර ගණනක් සටන් කළ කොටි පැරදවිය නොහැකි බවට දියත්වූ බොරු ප්‍රචාර නිසා කොටි යුද්ධය දිග් ගැස්සුණි.

කොටි පැරදවිය නොහැකි බවට පැවසුවේ මේ පිරිසයි.

හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් – ඉන්දීය මාධ්‍යවේදිනී ඇනිටා ප්‍රතාප් කැනඩාවේ සිටින ප්‍රභාකරන්ගේ සොහොයුරිය විනෝදනී – හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශක සරත් මුණසිංහ – ඉන්දිය රෝ සංවිධානයේ හිටපු ප්‍රධානි බී රාමන්, නෝර්වේ හිටපු අමාත්‍ය එරික් සෝල්හයිම්, ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති මිලින්ද මොරගොඩ, හිටපු හමුදාපතිවරු තිදෙනෙක් මෙරට රාජ්‍ය නොවන සංවිධාන නායකයන් කොළඹ ද්‍රවිඩ මාධ්‍ය ජාලය මේ හැර තවත් විශාල පිරිසක් ප්‍රභාකරන්ගේ ශක්තිය පැරදවිය නොහැකි බව කීහ. එසේම තමිල්නාඩුවේ වයිකෝ – තොල් තිරුමාවලන් යුද්ධය ජයගන්නේ ප්‍රභාකරන් බවද ආනන්දි සසිතරන්ගේ සැමියාවූ එලිලන් ප්‍රභාකරන් ජගතෙක් බවද පැවැසූහ. ප්ලොට් සංවිධානයේ හිටපු හමුදා නායක ඩී සිවරාම්ද පැවසුවේ ප්‍රභාකරන් වියට්නාමයේ වෝ ගියප් සෙනවියාට සමකළ හැකි බවයි.

කොටි යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ හිටපු ඉන්දීය ලේඛිකා ඇනිටා ප්‍රතාප් මෙලෙස කීවාය. ප්‍රභාකරන්ගේ දැස් මකුළුදැල් වලින් වැසී නැත. ඔහු ජයගන්නවා. මා ප්‍රභාකරන් හමුවීමට යාපනයට යනවා.

ඇය මෙරට හමුදා ප්‍රධානීන්ව සමච්චලයට ලක් කළාය. ගෝඨාභය රාජපක්‍ෂ ඉල්ලන් කන බව පැවැසුවාය. එහෙත් අවසානයේදී ඉල්ලන් කෑවේ ප්‍රභාකරන්ය.

ඉන්දීය රෝ බුද්ධි සේවාවේ ප්‍රධානි බීරාමන් පැවසුවේ මහබල සම්පන්න ජර්මානු හමුදාව ස්ටාලින් ග්‍රෑඩ්හිදී සමූල ඝාතනය වූ අයුරින් ශ්‍රී ලංකා හමුදාව කිලිනොච්චියේදී විනාශ වන බවය. එහෙත් ප්‍රභාකරන් ලෝක ජනතාව මෙන්ම ද්‍රවිඩ ඩයස්පෝරාවද රැවටූ බව අවබෝධ වූයේ ඔහු පරාජයවීමෙන් පසුවය. යුද්ධයේ අවසන් අදියරේදී ප්‍රභාකරන්ව බේරාගැනීමට හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක්, නෝර්වේ තානාපති ටූරේ හැට්රන් දැරූ උත්සාහය ද ව්‍යාර්ථ විය. එම අදියරේදී මෙරට හමුදාපති සරත් ෆොන්සේකා සහ පවුලේ අය චීන පොලිටෙක්නික් ආයුධ සමාගමේ ඇරයුම මත චීනයේ සංචාරයක නිරතවී තිබුණි. මෙම කොටි යුද්ධයට රුපියල් බිලියන 200 ක් පමණ වැයවිය. යුද්ධයට අරමුදල් සැපයුණේ කැනඩාව, ප්‍රංශය, නොර්වේ, ඔස්ටේ්‍රලියාව, බි්‍රතාන්‍ය, ජර්මනිය යන රටවලිනි. ප්‍රභාකරන් රටවල් 20 ක දැඩි ප්‍රචාරක ජාලයක් දියත්කර තිබුණි. කොළඹ ද්‍රවිඩ මාධ්‍ය ජාලයේ බොරු ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර තිබුණි. යුද හමුදාවේ ඉහළ නිලධාරීන් සිට පහළ නිලධාරීන් දක්වා එම ප්‍රචාරක ජාලය විශ්වාස කළ අතර මුලතිව්හි චලෙයි වැල්ලේ වැතිරී සිටි මීහරක් රංචුවක් කොටි යයි සිතා රැවටුණේ හිටපු නාවික හමුදාපතිවරයෙකි.

කොටි බංගලදේශයෙන් ස්ලින් නමැති කෘෂි රසායන ඉසින කුඩා ගුවන් යානා දෙකක්ද මිලයට ගෙන තිබුණි. මේ ගුවන් යානා මිලයට ගෙන ඇත්තේ මීගමුවෙන් මාළු ප්‍රවාහනයට බව එක් ගුවන් හමුදාපතිවරයකු පවසනු ලැබීය. එහෙත් ප්‍රභාකරන්ගේ යුධ ශක්තිය බිඳ වැටුණේ චෙක් රාජ්‍යය සැපයූ මල්ටි බැරල් යන්ත්‍ර සහ අධිබලැති ග්‍රෑඩ් රොකට් නිසාය. මේ යන්ත්‍ර ගැන හිටපු ආරක්‍ෂක රාජ්‍ය ඇමැති අනුරුද්ධ රත්වත්තේ වෙත දන්වනු ලැබුවේ මවිසිනි. රොකට් 40 කින්යුත් මල්ටි බැරල් යන්ත්‍ර ප්‍රහාර එල්ලවන අවස්ථාවේ ප්‍රභාකරන් වන්නියට පැනගොස් සැඟවුණි. එදා ප්‍රභාකරන්ට එරෙහිව සටන්වැදීමට අරගලකරුවන් සිටියේ නැත. මේ පසුබිම මැද කොටි යුද්ධය අවසන්වී වසර 14 ක් ගතවන අවස්ථාවේ බෙදුම්වාදී පාර්ශ්ව හිස ඔසවා තිබේ. මේ අතර කොටි 23693 ක්ද හමුදා සෙබලුන් 23796ක්ද වන්නි යුද්ධයෙන් මරුමුවට පත්වුණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment