ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය බේබි ෂෙරමි එක්ව ළමා සුරක්‍ෂිතතාව ගැන ‘ප්‍රජාව’ දැනුවත් කරයි

29

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි සහයෝගිතාවෙන් දරුවන් අතර සිදුවන අනතුරු වළක්වා ගැනීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කෙරේ. සෑම පැය 4ම වරක් දරුවකු අනතුරු නිසා මියයන බව ද මාසයක් ඇතුළත දරුවන් 215ක් පමණ අනතුරුවලට මුහුණ දෙන බව ද පැවසේ. දියේ ගිලීම්, ප්‍රවාහන අනතුරු, වැටීම්, පිළිස්සීම්, විෂ ශරීර ගතවීම හා තවත් හේතු මීට බලපා තිබේ. මෙම වැඩසටහනට එක් වූ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන් ගේ සංගමයේ වෛද්‍ය ශිරෝමි මදුවගේ මහත්මිය හා වෛද්‍ය කපිල ජයරත්න හා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි අලෙවි අධ්‍යක්‍ෂ ශියන් ජයවීර ද එක්විය. මේ අතර දංකොටුවේ පිහිටි බේබි ෂෙරමි සේෆ්ටි ඉන්ස්ටිටියුට් හි පියවර 8 කින් යුක්ත ආරක්‍ෂණ ක්‍රියාවලියක් හරහා ළදරු ආරක්‍ෂණ වෙළෙඳපොළ ප්‍රමිති පද්ධතියක් ද දියත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment