සෞඛ්‍ය ලේකම්ට වෛද්‍ය චමල්ගෙන් අලුත් දුස්රාවක්

563

සෞඛ්‍ය පද්ධතියේ සිදුව ඇති බරපතළ කඩාවැටීමට වගකිව යුතු බවට කරුණු අනාවරණය වී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ඉහළ නිලධාරීන් තවදුරටත් අදාළ තනතුරුවල රඳවා තබාගැනීම පිළිබඳව වගකීම සෞඛ්‍ය ලේකම් විසින් භාරගත යුතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය කියා සිටී.

හිටපු සෞඛ්‍ය ඇමැති සමග එක්ව මෙරට තත්ත්වයෙන් බාල ඖෂධ නැතැයි ප්‍රකාශ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් දැන් තම මතය ගැන ලැජ්ජාවට පත්විය යුතු බවත් හෙතෙම කීය.

තත්ත්වයෙන් බාල ඖෂධ හෝ ඖෂධ යැයි හඳුනාගත නොහැකි ඇතැම් දියර වර්ග ඖෂධ ලෙස රෝගීන්ට ලබාදී ඇති බවට අධිකරණයේදී සනාථ වී ඇති බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් රටේ ජනතාවගෙන් සමාව අයැදිය යුතු බවද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කර සිටී.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ චෝදනාවන්ට ලක්ව සිටියදී තවදුරටත් සේවයේ යෙදී සිටින සෞඛ්‍ය අමාත්‍යාංශ ඇතැම් ඉහළ නිලධාරීන් හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව මහජන විශ්වාසය බිඳවැටීම හේතුවෙන් අදාළ නිලධාරීන් ඉවත් කිරීම පිළිබඳව තම මතය ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා වහා පියවරගත යුතු බවද වෛද්‍යවරයා සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment