මේ විදියට මුදල් අච්චු ගහන්න ගියොත් ජනතාව ජීවත් කරන්න බැරි වෙයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

180

පෙට්‍රල් නැවක් ගෙනල්ල ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒවා නැතිව මිනිස්සු මැරෙයි. අවමය රජයෙන් මිනිස්සු ඒවා බලාපොරොත්තු වෙනවා.

සාර්ථකව මූල්‍ය අරමුදලත් සමඟ සාකච්ඡා පැවැත්වූ බව අගමැති කිව්වා. සාකච්ඡාව අවසන් කරන්න ඔවුන් ආවත් එය බැරි වුණා.

ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. එහි ජ්‍යෙෂ්ඨ ණය හිමියන්ගෙන් ණය ගත යුතුයි. ජපානයෙන් ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඔවුන් සූදානම්. ස්වෛරීව ණය ඩොලර් බිලියන 14 ක් පමණ තියෙනවා. ඒ ණයත් ගෙවිය යුතුයි. 2012 දී ගත්ත ණයත් ඉදිරි සතියේ සිට ගෙවිය යුතුයි.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් උසාවියේ ණය හිමියෙක් නඩු දාලා. එහි අපේ කොටස ගෙවිය යුතුයි කියලා නඩු දාලා. සියයට 25.1 ක් ඔහුට ණය ගෙවිය යුතුයිලු. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලේසි දෙයක් නොවෙයි. මාසයකින් ප්‍රතිව්‍යුහගත කිරීම කළ හැකි බවට මාගේ විශ්වාසයක් නැහැ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලට යා යුතුයි. ඒවා කළොත් තමයි ණය ගැන තීරණයක් ගත හැක්කේ.

අපිට පරණ පාරේ යන්න බැහැ. වැඩිපුර රාජ්‍ය සේවය බලාගෙන රට වටේ තාප්ප ගහගෙන වැඩ කරන්න බැහැ. අපි විවෘත විය යුතුයි. ජාත්‍යන්තරයට පාලම් ඉදිවිය යුතුයි. අපනයනයට විවෘත රටක් ඇතිවන්නේ එවිටයි. අපට ඩොලර් ලැබෙන්නේ එවිටයි. මුහුණදෙන ප්‍රශ්නයේ ගැඹුර අපිට දැනෙනවා. ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍යයි. 2024 දී තමයි යම් ගොඩඒමේ ක්‍රමවේදය ඇතිවෙන්නේ කියලා අගමැති කියනවා. මුදල් අච්චු ගැසීම නවත්වන්න අදම ආණ්ඩුව තීරණය ගත යුතුයි. මෙහෙම මුදල් අච්චු ගැසුවොත් ජනතාවට ජීවත් වෙන්න බැරි වේවි. මේ ගැන දැඩි ස්ථාවරයක් ගන්න.

රාජ්‍ය ආයතනවල දූෂණය ජනතාව මත පටවන්න බැහැ. විදුලිබිල සියයට දෙසීයකින් පමණ වැඩි කිරීම සාධාරණ නැහැ. අගමැතිගේ මාර්ග සිතියම ගැන අපි සාකච්ඡා කරන්න සූදානම්. අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න සූදානම්. සර්ව පාක්‍ෂික වැඩපිළිවෙළක් හරහා පමණයි මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ. තනිව කාටවත් මේ ප්‍රශ්න විසඳන්න හිතන්නවත් බැහැ.

මේ විදියට මුදල් අච්චු ගහන්න ගියොත් ජනතාව ජීවත් කරන්න බැරි වෙයි - ආචාර්ය හර්ෂ ද සිල්වා

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment