සීනි බදු වංචාව ගැන මුදල් අමාත්‍යාංශය නිහඬයි

229

මුදල් කාරක සභාව අප්‍රසාදය පළ කරයි

සීනි බදු වංචාවෙන් සිදු වූ පාඩුව අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ඒ පිළිබඳව දැඩි අප්‍රසාදය පළ වී තිබේ. මේ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් නොගන්නේ මන්දැයි කමිටුව මෙහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අතර නිලධාරීන් ප්‍රකාශ කළේ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් තමන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව යාවත්කාලීන කරමින් සිටින බවය.

මේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් තිබෙන බැවින් එම තීරණයෙන් පසුව ඉදිරි කටයුතු සිදු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment