ගෝලීය උණුසුම ගැන කියන චිත්‍ර ප්‍රදර්ශනය 16 දා

32

ගෝලීය උණුසුමින් වගේම පරිසර විනාශයෙන් ලොවම වෙලා සිටින අවදියක එහි ආදීනව රට හමුවේ චිත්‍ර මාධ්‍යයෙන් කියා පෑමට චිත්‍ර ශිල්පිනී සංතෝෂිණී ද සොයිසා මහත්මියගේ ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළැඹෙන 16 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පිහිටි ඇල්බට් ත්‍රෝස් පරිශ්‍රයේදී ප.ව. 4.30 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම චිත්‍ර ප්‍රදර්ශනයට සමගාමීව ඇය විසින් රචනා කරන ලද ‘My Thoughts’ ග්‍රන්ථය එළිදැක්වීමද මෙහිදී සිදු කෙරේ. ‘My Thoughts’ ග්‍රන්ථය සඳහා මූලික කරුණු පාදක කරගෙන තිබෙන්නේ දකුණු ආසියානු කලාපයේ වගේම තුන්වැනි ලෝකයේ රටවල ප්‍රශ්නවලින් මිරිකෙන මිනිසුන්ගේ ජීවිත පදනම් කරගෙනය. මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා ඇය විසින් නිර්මාණය කරන ලද චිත්‍ර 14 ක් පමණ ඉදිරිපත් කරන අතර එම චිත්‍ර මගින් ඇය අදහස් කරනු ලබන්නේ පරිසර දූෂණය” පරිසර සංරක්ෂණය” පරිසර විනාශය සහ ගෝලීය උණුසුම” උෂ්ණත්වය ඉහළයෑම පිළිබඳවය.

ගෝලීය උණුසුම ගැන කියන චිත්‍ර ප්‍රදර්ශනය 16 දා

“අපි මේ ලෝකයේ පරිසරයට කරපු විනාශනයන් යළිත් අපිටම මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. ඒකට හොඳම උදාහරණය තමයි ලෝකයේ විවිධ රටවලට මේ වනවිට බලපා ඇති ගෝලීය උණුසුම්වීමේ කාරණාව. දැවැන්ත සංරක්ෂිත විනාශ කිරීම මේකට ප්‍රධාන වශයෙන්ම බලපානවා. ඒ වගේම ඇළfදාළ ගංගාවලට මුදාහරිනු ලබන මිනිස් පරිභෝජනයට නුසුදුසු අපද්‍රව්‍ය. ඉතිං කෙටි රචනා මාර්ගයෙන් මම මගේ ග්‍රන්ථයේ මේ ගැන කියලා තියෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි මම මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ. පාසල් දරුවන්ටත් මම මේ ග්‍රන්ථය බෙදාදීමට කැමැතියි. අලුත් පරපුර කියවන්න අකමැති නිසා ඔවුන්ට ආසාවෙන ආකාරයට තමයි මෙය නිර්මාණය කරලා තියෙන්නේ.

මම මේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ ප්‍රථම වතාවට. මේ චිත්‍ර ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ තමයි බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන බන්ධනාගාර පෙර පාසලේ අධ්‍යාපන සංවර්ධනය ඉහළ නංවාලීම. ඒක හින්දයි මම මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනු ලබන චිත්‍ර විකුණනු ලබන්නේ. මට මේ චිත්‍ර ඇඳීමට සතියක වගේ කාලයක් ගියා. වර්ණ රැසක් භාවිතා කරලා තමයි මේ චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ. චිත්‍ර කලාව විෂයක් විදිහට කාගේ හෝ යටතේ හදාරලා නැහැ. ඉස්කෝලේ යන කාලේ ඉඳලා මම චිත්‍රවලට ආසයි. පාසල් කාලයේ ලැබූ අධ්‍යාපනය අනුව තමයි මම මේ චිත්‍ර විෂය වැඩිදුර හදාරනු ලැබුවේ. මම නිර්මාණය කරන ලද චිත්‍ර අතර පරිසර දූෂණය” පරිසරය සංරක්ෂණය” ගෝලීය උෂ්ණත්වය ඇතුළු ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම රටට කියාදෙන්න තමයි අදහස් කරන්නේ යැයි චිත්‍ර ශිල්පීනී සංතෝෂිනී ද සොයිසා මහත්මිය ‘මීවිත. සමග පැවසුවාය.

නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment