ශී‍්‍ර ලංකාව පිළිබඳ පිටු 17 ක වාර්තාවක් 3 දා ජිනීවා කොමිසමේදී විවාදයට – ත‍්‍රස්ත පනතටත් විරෝධය : ජීඑස්පී ගැනත් සැක

166

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශී‍්‍ර ලංකාව පිළිබඳ සකසන ලද පිටු 17 ක වාර්තාවක් මාර්තු 03 වැනිදා පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේදී විවාදයට ලක් කිරීමට නියමිතය.

මෙම වාර්තාවේ පිටපතක් මේ වන විටත් ශී‍්‍ර ලංකාවට ලැබී ඇති අතර ඒ පිළිබඳ රජයේ අදහස් සහ නිරීක්‍ෂණ දැනටමත් ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමට යවා ඇත.

ශී‍්‍ර ලංකාවේ බලපැවැත්වෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව සංශෝධනය කිරීමට ලක්රජය අසමත්ව ඇතැයි ජිනීවා මානව හිමිකම් කොමිසමේ මතය වේ. එම සංශෝධන සඳහා රජය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳවද මානව හිමිකම් කොමිසම සෑහීමකට පත්ව නැත.

මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් ශී‍්‍ර ලංකාවට ලැබී ඇති ජීඑස්පී ප්ලස් සහනවලට අගතියක් සිදුවිය හැකි බවත් එම සහන කප්පාදු කිරීමට යුරෝපා සංගමය පියවර ගනු ඇති බවටත් සැකයක් පවතී.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නැති බවට නැෙඟන චෝදනා ගැන මානව හිමිකම් කොමිසම අවධානය යොමුකර තිබේ.

බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පාප්වහන්සේ සමග සාකච්ඡුා කිරීම සඳහා මැල්කම් රංජිත් කාදිනල්තුමා වතිකානුවට යෑමට නියමිත අතර එම සාකච්ඡුාවේ කොටසක් වශයෙන් එතුමා ජිනීවා නුවර මානව හිමිකම් කොමිසම හමුවීමටද නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment