පොලිස් කොස්තාපල් පෙම්වතියට බිම පෙරලාගෙන ගහලා

5777

තම පෙම්වතියට බිම පෙරළා ගෙන පා පහරවල් දුන් කිළිනොච්චිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය 4 දා සිට අත්හිටුවා තිබේ.

මෙසේ අමානූෂීය ලෙස පහර කෑමට ලක් වූ තරුණිය බරපතළ ලෙස තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලින් පසුව ඔහුගේ වැඩ තහනම් කිරීමට කිළිනොච්චියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතිය තණමල්විල රණව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඇයව බැලීමට ගිය අවස්ථාවේදී ඇයට පහර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය මෙම පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නීති මගින් කටයුතු කිරීම ආරම්භ කොට තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment