සාන්ද්‍රනය නොකර බෙහෙත් පොවා දරුවා මර නින්දක වැටිලා

649

සඳමාලී විසි හැවිරිදි තරුණියකි. ඇය විවාහයට පත්වූයේ මීට වසරකට පෙරාතුවය. වැස්සට පින්නට පවා හසුනොකර මේ දුව හැදුවේ පවුලේ එකම දරුවා ඇය වූ නිසාය.

පතිකුලයට ගියත් ගේ දොර වැඩ කිසිවක් නොදත් ඇය මවක වූයේ ඔය අතරය.

සඳමාලිගේ මව, මේ කිරිකැටි බිළිදාත් දියණියත් ඇහැක්මෙන් බලාකියා ගැනීමට ආවේ දුවගේ වපසරිය දන්නා නිසාය. දින සති බවට පෙරලී යද්දී පුංචි දඟයාද හැදී වැඩිණි.

ගස්වල කටු උල්කළ යුතු නැත. දෙයියන්ගේ පිහිටෙන් දරුවා කිරිපිටිවලින් බඩ පුරවා ගත්තේ සඳමාලීගේ රූ සපුව ආරක්ෂා වන අතරය. ඇය දරුවාට මව් කිරි නුදුන්නේ සිරුරේ හැඩ රුව ඊට වඩා වැදගත් යැයි කල්පනා කළ නිසාය.

මේ අතර ඇගේ මව මහගෙදර ගියාය. ඒ අල්ලපනැල්ලේ දරු පැටියාට උණ ගැනිණි. පුද්ගලික රෝහලකින් දරුවාට ප‍්‍රතිකාර ගත් මේ මව නිවසට ආවේ සැමියාගේ මෝටර් රථයෙනි.

බෙහෙත් ටික පොවන්නට ගත් ඇය බෝතලයක තිබූ සුදුපාට කුඩක් ගෙන තේ හැදි තුනක් දරුවාට පෙව්වාය. ගතවූයේ ස්වල්ප මොහොතකි. දරුවා සද්දයක් බද්දයක් නැත. සිහිමුර්ජාවෙලාය.

‘අනේ මගෙ දරුවා. ඇය කෑ ගැසුවාය.’

කෙළින්ම දරුවා රජයේ රෝහලේය.

‘බයවෙන්න එපා අම්මා. දරුවා මත්වෙලා. මේ බේත් බෝතලේට මේ මට්ටමට වතුර කළවම් කරන්න ඕනෙ.’

‘ඔව් ඩොක්ට මෙයා අම්මෙක් වුණාට අම්මෙක් වෙන්න තාම සුදුසුකම් සම්පූර්ණ කරලා නෑ’ සැමියා කීවේ හිතට නැගුන කලකිරීම පිට කරමිනි.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment