උපවාසයකට යාපනය හිරගෙදර වහළයට නැග්ග සිරකරුවා විජලනය වී රෝහලේ

57

යාපනය බන්ධනාගාරයේ වහළයක් මතට නැගී උපවාසයක නිරත වූ පුද්ගලයෙකු අධික රශ්මිය හේතුවෙන් විජලනයට පත්වීමත් සමගම ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් වහළයෙන් බස්සවා 28 දා බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට තිබේ. මාතර ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා යාපනය බන්ධනාගාරයට සිරකරුවකු ලෙස එක් කිරීමත් සමගම ඔහුට එහි සිටීමට නොහැකි බව ප්‍රකාශ කොට වෙනත් බන්ධනාගාරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාරයේ වහළය මතට නැගී උපවාසයක නිරත වුණි. මේ දිනවල අධික රශ්මියත් බන්ධනාගාරයේ වහළය රත් වීමත් නිසා දහවල් කාලයේදී සිරකරුවා විජලනයට පත් වී විඩාවට පත්වීම නිසා බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව වහළයෙන් බිමට බස්සවා රෝහල් ගත කොට ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment