දෙහිඅත්තකණ්ඩියේ පෙර පාසල් ගුරුවරිය  සහ අයිස්ක්‍රීම් වෙළෙන්දා වන අලියාට බිලි

147

දෙහිඅත්තකණ්ඩිය දමුන්නරුව පෙර පාසල් ගුරුවරියක් හා මුරුතගස්පිටිය අයිස් ක්‍රීම් වෙළෙන්ඳෙක්  පසුගියදා වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.

පෙර පාසල් ගුරුවරිය තම සැමියා සමග කොළඹ ගොස් ආපසු එන අතරතුරදී නිවසට අඩි 200 ක් පමණ තිබියදී අලුයම 4 ට පමණ හා පස්වරු 6.45 ට සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියට ගොස් අයිස්ක්‍රීම් අලෙවි කර පරිප්පු, හාල්, සීනි රැගෙන තම නිවසට එමින් සිටි අයෙක් වන අලි පහර දීමෙන් ජීවිතක්‍ෂයට පත්වී ඇත. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය දමුන්නරුව අංක 96 පදිංචි පෙර පාසල් ගුරුවරියක ලෙස කටයුතු කළ ටී. එච්. කල්‍යාණවතී (60) සිව්දරු මවක හා මුරුතගස්පිටිය අංක 85 ජී. අනවසර ගම්මානයේ පදිංචි එම්. ඩී. වීරසිංහ පෙරේරා (58) නමැති දෙදරු පියෙකු බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසති.

දෙහිඅත්තකණ්ඩිය – රණතුංග
 

advertistmentadvertistment
advertistmentadvertistment