පැලැටියාව රජමහා විහාරයේ චෛත්‍යය බින්ද 4ක් අත්අඩංගුවට

81

පැලැටියාව රජමහා විහාරයේ චෛත්‍යය බිඳ රුපියල් 8000 ක් පමණ වටිනා කරඬුව රුපියල් 2500 පමණ වටිනා කරඬුවක් සමග පිංපෙට්ටිය කඩා රුපියල් 700 ක් පමණ මුදල් සොරකම් කළ පුද්ගලයන් සිව් දෙනෙක් පොලොන්නරුව කොට්ඨාස අපරාධ දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 18 වෙනි දින රාත්‍රි කාලයේ සොර කණ්ඩායමක් විසින් පැලැටියාව රජමහා විහාරයේ චෛත්‍ය බිඳ කරඬු හා මුදල් සොරාගෙන ගොස් ඇති බවට පැලැටියාව රජමහා විහාරයේ විහාරාධිපති මාදුරුඔය විජිතාලංකාර හිමිපාණන් වහන්සේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පැමිණිලි කර තිබුණි.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා සහකාර පොලිස් අධිකාරි සී. ඒ. චානක යන මහතුන්ගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ජාගොඩ පොලිස් පරික්ෂක ටී. ඒ. බණ්ඩාර පොලිස් සැරයන් (68973) අතාවුද (42229) රංග (36563) ගැමුණු කොස්තාපල් (74968) රත්නායක (29739) බණ්ඩාර (74393) වීරසිංහ යන මහතුන් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment