නාගලිංගම් එදිරිවීරසිංහම් ජීවන ගමනට සමු දෙයි

452

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් ආචාර්ය නාගලිංගම් එදිරිවීරසිංහම් ඇමෙරිකා එක්සත් ජනපදයේදී අභාවප්‍රාප්ත විය.

90 වැනි වියේ පසුවූ ආචාර්ය එදිරිවීරසිංහම් 1953 වසරේ සිට දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාවට හිමිකම් කීවේය. 1958 ජපානයේ ටෝකියෝ නුවර පැවැති 3 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 2.03ක නව ආසියානු ක්‍රීඩා වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත්තේය.

1962 දී එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය.

නාගලිංගම් එදිරිවීරසිංහම් ජීවන ගමනට සමු දෙයි

පසුව මෙරට මලල ක්‍රීඩාවේ දියුණුවට විශාල දායකත්වයක් ලබාදුන් ඔහු විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල මලල ක්‍රීඩා දියුණුව සඳහා වැඩසටහන් රැසක් දියත් කළේය.

1952 හෙල්සින්කි සහ 1956 මෙල්බර්න් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ආචාර්ය එදිරිවීරසිංහම් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment