බීමත් ත්‍රිරෝද රියැදුරු අල්ලන්න ගිය කොස්තාපල්ට රථයේ හිමිකරු මන්නයකින් කොටලා

360

පානදුර අළුබෝමුල්ලේදී බීමත් ත්‍රීරෝද රථ රියැදුරෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට එම ත්‍රිරෝද රථයේ අයිතිකරු විසින් මන්නයකින් පහරදීම නිසා කොස්තාපල්වරයා තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

මෙම ත්‍රීරෝද රථ රියැදුරු බීමතින් අධික වේගයෙන් වාහනය ධාවනය කරද්දී මාර්ග රාජකාරියේ යෙදී සිටි අළුබෝමුල්ල පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු මෙම රථය නවතා රියැදුරුගෙන් ප්‍රශ්න කර ඇත. එම අවස්ථාවේ ත්‍රීරෝද රථයේ හිමිකරු එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරියා සමඟ බහින්බස් වී ඔහුට මන්නයකින් පහර දී ඇත.

කොස්තාපල්වරයාට පහර දීමෙන් පසු පලාගිය සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ඊයේ (03 දා) කටයුතු යොදා තිබිණි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment