75 නිදහස් සැමරුමට කෝටි 20 ක්: ජාතික ගීය සිංහලෙන් සහ දෙමළෙන්

239

හැත්තෑපස් වැනි නිදහස් දින සැමරුම් උත්සවය සඳහා රුපියල් කෝටි විස්සක් වැය කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

මෙවර නිදහස් සැමරුම් උත්සවය සඳහා රුපියල් කෝටි 57 කට වැඩි ඇස්තමේන්තුවක් ලබාදී තිබුණත් ජනාධිපති කාර්යාලය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වරින් වර මේ පිළිබඳ සාකච්ඡා කර කෝටි 20 කට එම වියදම අඩුකරගත් බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක් ප්‍රියන්ත මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (12 වැනිදා) පැවසීය.

මෙවර නිදහස් දින පෙළපාලිය කොල්ලුපිටිය මංසන්ධියෙන් ආරම්භ වී කොල්ලුපිටිය සිට ගාලු මුවදොර දක්වා ගමන් කිරීමට නියමිතය. ගාලුමුවදොර පිටියේදී නිදහස් සැමරුම් උත්සවය පැවැත්වෙන අතර එහිදී ජාතික ගීය සිංහල හා දෙමළ බසින් ගායනා කිරීමට නියමිතය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment