අධික වේගයෙන් ගිය ලංගම බස් රථය පෙරළිලා… මගීන් තිදෙනකුට බරපතළයි 19කට තුවාල

330

යාපනයේ කලූන්දායී ප‍්‍රදේශයේ දී ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පැන පෙරළී යෑම නිසා බස් රථයේ ගමන් කළ මගීන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.යාපනයේ කරෙයිනගර් ඩිපෝවට අයත් එම බස් රථය කරෙයිනගර් සිට යාපනය දක්වා ගමන් කරමින් තිබියදී එය පෙරළී ගොස් තිබේ.

 රියැදුරා අධික වේගයෙන් බස් රථය පැදවීම නිසා මේ අනතුර සිදුව ඇති බව මනිපායී පොලිසිය පවසන අතර දැනට රෝහල් ගත කොට සිටින අයගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව යාපනය හා මනිපායී රෝහල්වල වෛද්‍යවරු ප‍්‍රකාශ කළහ.

 බස් රථය පෙරළී යෑමෙන් පසුව එහි රියැදුරා බස් රථය දමා පලා ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මනිපායී පොලිසිය පරීක්ෂණයක් ආරම්හ කොට තිබේ. යාපනය හා මනිපායී පොලිසිය මෙම අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment