අයිඩියල් මෝටර්ස් සමාරම්භක දිනය වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක්

60

මෙරට අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම පිණිස අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ වැඩසටහනක් පසුගියදා ඉතා සාර්ථකව පැවැත්විණි.

අංක 75 කඳවල පාර රත්මලාන පිහිටි අයිඩියල් මෝටර්ස් ප්‍රධාන වැඩ බිමේදී පවත්වන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන ඉකුත් 03 වැනිදා පවත්වනු ලැබූයේ අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සමාරම්භක දිනය වන සැප්තැම්බර් 05 වැනිදා මූලික කරගනිමින් හා අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය නිමිති කරගෙනය. අයිඩියල් මෝටර්ස් විසින් ක්‍රියාත්මක කළ සමාජ සුබසාධන ව්‍යාපෘති අතර, පානීය ජල අවශ්‍යතාවයෙන් පීඩා විඳි නාමල්පුර ප්‍රදේශයේ පවුල් 1500ක් සඳහා පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම, නොච්චියාගම, තල්ගස්වැව, විද්‍යාරවින්ද විදුහලේ පාසල් දරුවන්ට අවශ්‍ය සියලුම පොත්පත්, බෑග්, පාවහන් හා පාසලට පානීය ජලය ලබාදීම, කෙවිටියාගල, දියපත්තුගම විහාරස්ථනයේ බෝ මලුව ඉදිකර, බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් පූජා කිරීම, දියපත්තුගම එස්. ඒ. වෙල්ගම ප්‍රාථමික විදුහලට අවශ්‍ය පරිගණක ලබාදීම, කතරගම දේවාලයට සහ අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන්ට මහින්ද්‍රා ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථ පරිග්‍යාග කිරීම ඒ අතර වේ

advertistmentadvertistment
advertistmentadvertistment