පුරුෂයන් වසඟ වන ස්ත්‍රී මායම්

1000

ස්ත්‍රියක් යනු ස්වභාවයෙන්ම බොළඳ, සුකුමාල තැනැත්තියකි. උපතින්ම අනුන් වසඟ කර ගැනීමේ හැකියාාවක් ඇය සතුව පවතී. ස්ත්‍රියකගේ සිනහව, බැල්ම, ඇවිදීම, කථාබහ ආදී මෙකී නොකී බොහෝ දේ තුළින් ඇය පුද්ගලයන්ව ඇද බැඳ තබා ගැනීමට සමත් ය. ස්වභාවධර්මයෙන් ලැබී ඇති දේට වඩා වැඩි යමක් ඇතැම් ස්ත්‍රීන් කිරීමට උත්සාහ කරයි. එවන් චර්යා රටා මායම් ලෙස අර්ථකථනය වේ. ස්ත්‍රීන් විසින් විරුද්ධ ලිංගිකයන් ඇද බැඳ තබා ගැනීමට යොදන ස්ත්‍රී මායම් 64 කි. ඒවා මෙසේය.

  1. නෙතඟින් බැලීම
  2. ඇස් කැරකැවීම/ඇස් නැටවීම
  3. ඇස් පියවීම
  4. ඇස් නෙරා බැලීම
  5. වරින්වර බැලීම
  6. ඇස් අඩක් වැසීම
  1. ඇස් සම්පූර්ණයෙන් වැසීම
  2. වෙනතක් බලා සිටීම
  3. යමක් සිඹීම
  4. නාසය අකුලා ගැනීම
  5. සුසුම් ලෑම
  6. කට කොනට නඟා සිනාසීම
  7. තොල පිට පෙරළා සිනාසීම
  8. කොක් හඬලා සිනාසීම
  9. තොලින් තොල හැපීම
  10. බොරු කැස්ස
  11. දිව දික් කිරීම
  12. දිව විකා පෙන්වීම
  13. දිව නැටවීම
  14. කෑරීම
  15. රෙද්ද ලිහා නැවත ඇඳීම
  16. පැලඳ සිටින අබරණ වරින්වර ඇල්ලීම
  1. හුරු අත වැනීම
  2. බඩ අත ගෑම (හේතුවක් නැතිව)
  3. අත් කැසීම (හේතුවක් නැතිව)
  4. පය කැසීම (හේතුවක් නැතිව)
  5. ලයෙහි අත තැබීම
  6. අත් දෙක බැඳගෙන ලතාවකට සිටීම
  1. දෙපා බරකර යෑම
  2. පයින් ඉරි ඇඳීම
  3. පයින් පය ගැටීම
  4. අවයව පෙනෙන ලෙස සිටීම
  5. අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම
  6. අවයව පෙනෙන ලෙස නිදා ගැනීම
  7. හේතුවක් නොමැතිව අවේලාවේ නිදා ගැනීම
  8. දොරකඩ රැක සිටීම
  9. කතා නොකර සිටීම
  10. දෙපා විහිදාගෙන සිටීම
  11. උඩ බලාගෙන සිටීම
  12. කරබාගෙන සිටීම
  13. නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම
  14. බොළඳ ලෙස කතා කිරීම
  15. පියයුරු තද කර ඇල්ලීම
  16. මදක් නැමී බැලීම
  17. උරහිස නැටවීම
  18. ඉඟටිය නැටවීම
  19. පයෝධර නැටවීම
  20. දුව ගොස් ගෙට වැදීම
  21. දොර කවුළු ආදියෙන් එබී බැලීම
  22. බොරුවට ඈනුම් ඇරීම
  23. කොණ්ඩය ලිහාගෙන යෑම
  24. මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස් වැටිය අතරින් බැලීම)
  1. වස්ත්‍රයේ කොනක් අල්ලාගෙන යෑම
  2. ශබ්ද කොට කතා කිරීම
  3. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම
  4. කෝප වූවකු මෙන් කතා කිරීම
  5. ස්ත්‍රීන්ගේ අගුණ කීම
  6. කවට වචන කතා කිරීම
  7. පිරිමින්ගේ අගුණ කීම
  8. බොරු නෑකම් කීම
  9. බුලත් කෑමේ ගිජු බවක් දැක්වීම
  10. බොරු ක්ලාන්ත ගතියක් දැක්වීම
  11. විසිතුරු දෙයක් දෙස බලා වඩා කුහුලක් දැක්වීම
  12. ඉතා සුළු දෙයටත් බොහෝ බිය වීම
පුරුෂයන් වසඟ වන ස්ත්‍රී මායම්

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය
මංජුලා පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 0779-282653

advertistmentadvertistment
advertistmentadvertistment