සෙනසුරාදා පාර්ලිමේන්තු එන්න – මහ ලේකම්ගෙන් මන්ත්‍රීලාට ලියුම්

50

පාර්ලිමේන්තුව ලබන මස (ජූලි) 01 වැනිදා පෙරවරු 09.30 ට රැස්වන බව එහි මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සියලු මන්ත්‍රීවරුන් වෙත පෙරේදා (27 දා) ලිපියකින් දැනුවත් කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙසේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් මහ ලේකම්වරිය අදාළ ලිපිය යවා ඇත.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත ලබන 01 වැනිදා (සෙනසුරාදා) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන බව දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ද පෙරේදා (27) නිකුත් කර තිබුණි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment