ශූරයන්ගේ තරගාවලියත් කණ්ඩායම් රැසකට අහිමිවේ

6126

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ මුල් ස්ථාන 7 දිනා ගන්නා කණ්ඩායම් සමඟ සත්කාරකයන් වන පාකිස්තානය 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ 9/10 වැනි ස්ථානයකට පත් වුවහොත් ඊට අමතරව මුල් කණ්ඩායම් හත ද, පාකිස්තානය ලකුණු සටහනේ මුල් ස්ථාන 8 අතරේ රැඳුණොත් ඔවුන් සමඟ එම කණ්ඩායම් 8 ද ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට නියමිත වේ.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමේ වරම් අහිමි වුණ බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ සහ අයර්ලන්තය වැනි කණ්ඩායම්වලට 2025 ශූරයින්ගේ කුසලාන සහභාගිත්වය ද මේ අනුව දැනටමත් අහිමි වී ගොස් ඇත.

පසුගිය වර එක් දින ලෝක ශූරයන් වූ එංගලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට 10 වැනි ස්ථානය හෙවත් අවසන් ස්ථානයට පත්ව ඇති නිසා ඔවුන් ද අවදානම් අවධියක පසු වේ.

නමුත් 2013 සහ 2017 වර්ෂවල පැවැත්වුණු ශූරයින්ගේ කුසලාන තරගාවලි සඳහා නිශ්චිත දිනයකට අදාළ ව එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් ම රැඳෙන කණ්ඩායම් තරගාවලිය සඳහා තෝරා ගැනුණි.

advertistmentadvertistment
advertistmentadvertistment