මාසයකට කුකුළු පැටවුන් පන්දහසක් ඌරු කෑමට

630


ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සත්ව ගොවිපොළවල පිරිමි කුකුළු පැටවුන් මාසයකට 5000කට ආසන්න ප්‍රමාණයක් පමණ ඌරන්ට කෑම සඳහා යොදවන බවට තොරතුරු අනාවරණය වී ඇත.දැනට වසර ගණනාවක තිස්සේ මෙය සිදුකරන බවද හෙළිවී තිබේ.
මේ සම්බන්ධව සිදු කළ සමාලෝචනයක දී කුකුළු ගොවිපොළවල ගැහැණු සතුන් හා පිරිමි සතුන් අතරින් පිරිමි සතුන් ප්‍රමාණය පාලනය කිරීම සඳහා මෙම පියවර වසර ගණනාවක් තිස්සේ සිදු කරන ක්‍රියාවලියක් බව තහවුරු විය.
මෙලෙස පිරිමි කුකුල් පැටවුන් අවිදිමත් ලෙස බැහැර කිරීම වහාම අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දී ඇත.

රටේ කුකුළු මස් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙම පිරිමි කුකුළු පැටවුන් යොදා ගැනීම සඳහා පියවර ගතහැකි යැයි ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment