වශී ගුරුකම් හරියනවාද?

1885

වශී ගුරුකම් කිව්වාම ඔබට මතක් වන්නේ කවුද?

කොහෙද කියල මට හිතාගන්න අමාරුයි. ඒ වුණාට මට නම් මතකයට එන්නේ ‘වලපනේ’ ප්‍රදේශයයි.

‘හුලවාලි’ නැත්නම් ‘රොඩී’ කියන අයවයි. ඒ කුලයට අයත් නැති අයත් ඒ කුලයට ගිහිල්ලා තාවකාලිකව රස්සාව නිසා. ඒ අය කරන්නේ පුදුම ගුරුකම් නේ. තරහවෙලා අතහැර දමා ගිය අයව පිටරට හිටියත් පැය 2 යි විනාඩි 45 ක් ඇතුළත ගෙන්වා දෙනවාලු. ඒ කාලේ ජීවත් වූ කොණ්ඩදෙණියේ හා කුංකුනාවේ හාමුදුරුවන්ලාටත් බැරි වූ ගුරුකම් නේ මේවා. ඒ එක්කම මේ අය කියනවා ඒ අයගේ පරම්පරාවේ අය නොකළ පොත්වල සඳහන් ගුරුකම් තමයි කරන්නේ කියලා. නැවත වරක් ඒ අයම කියනවා ඒ අය කරන්නේ ඒ අයගේ අප්පච්චිලාගේ ගුරුකම් කියලා. ටිකක් විපරමින් පරීක්‍ෂා කළාම අප්පච්චිලා පෙර කරල තිබෙන්නේ ගුරුකම් නොවේ. දුම්කොළ වගාව,

මුදල් අර ගන්නෙත් නැතුව පූජා භාණ්ඩවලට විතරක් රුපියල් 10000/= 20000/= ක් විතරලු වියදම් වන්නේ. අපි එකක් කියන්න ඕනෑ. මේ රොඩී ගුරුකම් හරි විදියට කළොත් ඇත්ත තමයි. නමුත් ඔක්කොම කරන්නේ බොරු. ඔවුන් දැන් ටික ටික ඌව පළාතට සංක්‍රමණය වනවා. ඒ අය ගුරුකම් කරන්නෙ ඔය එක අල්පේශාක්‍ය දෙවියන්ගෙන් කියනවා. කිසිම දෙවියෙකුට වශී කරන්න බැරි බව වගකීමෙන් කියනවා. දෙවියන්ගේ කුටි ඇතුළට රිංගලා දේව ස්ත්‍රෝත කළාට වශී ගුරුකම් හරියන්නේ නැහැ. රූප බන්ධනයට හා නාම බන්ධනයට අවශ්‍ය කෙනාගේ නම රූපය තිබ්බාම ඇති. හැබැයි නිවැරදි දිගසි මන්ත්‍ර ජප මන්ත්‍ර නිවැරදිව කරන්න ඕනෑ. වශී ගුරුකමකින් අපි කැමති කැමැති අය වශී කරගන්න බැහැ. එහෙම පුළුවන්නම් මේ වගේ සටහන් ලියන්නෙත් නැහැ. වශී ගුරුකම් කරලා පොහොසත් වනවා. එහෙම බැහැ.

වශී ගුරුකම් කරන්නෙ කැමති අයව ළංකර ගන්ට නොවේ. කසාද බඳිනව කියල බොරු පොරොන්දු දීලා ඒ පොරොන්දුව හේතුවක් නැතිව වංචා කරල කඩා දමල වෙන කෙනෙක් සමග ඇසුරක් තිබෙනව නම් හෝ තබා ගැනීමට යනව නම් පමණක් වශී ගුරුකම හරියනවා. ඒකත් නිවැරදිව කරන්න ඕනෑ. ඒක කරන්නෙ දේව බලවේගයකින් නොවේ අද්භූත මන්ත්‍ර දිගසි බලවේගයකින්. වශී ගුරුකම කරන්නෙ කාටද ඇයි කියල හොඳට තේරුම් ගන්ට ඕනෑ. වශී කියන්නෙ ගැහැනු පිරිමි වශීකරන එකම විතරක් නොවේ.

මාතාංගේෂ්වරිය හොඳ වශී යන්ත්‍රයක්. ඒක සර්ව වශීයක්. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයකට එක වගේ වශී ගුරුකම් හරියනවාද?

ගුණ දෙන කිලි කුණු නැති යන්ත්‍රයක්. ඒක මතුරන කොටත් ලකුණු එනවා. මේ යන්ත්‍රය සර්ව වශීයක් වුණාට මතුරන කොට රූප බන්ධනය හා නාම බන්ධනය ඇතුළු කළොත් ඒක කිසියම් කෙනෙකුට පමණක් වශී කෙරෙනවා. මේ යන්ත්‍රය මතුරන මන්ත්‍රය දිහා ටිකක් බලන්නකෝ.

‘අසිං කලිං භගවතා් ශ්‍රී මාතාංගේෂ්වරි සර්ව ජන මනෝහරි සර්ව සත්ව වසංකරි-සර්ව සභා වසංකරි-සර් ස්ත්‍රී පුරුෂ වසංකරි-සර්ව යක්‍ෂ ප්‍රේත වසංකරි-සර්ව රෝග හරංකරි’ දැන් පේනව නේද. සර්ව වශියක හැටි. හැබැයි මේ මන්ත්‍රය අගට ‘අමුකම්බේ වසමනාය (නාම රාජම්) කිව්වොත් කෙනෙකුට ඒ කිව්වේ නම ඇතුළත් කළ අයට සීමා වනවා.

අපි ‘අගේ නොකළට මේ මාතාංගේෂ්වරිය හරි ප්‍රබල වශියක්. මහා කාශ්‍යප හාමුදුරුවන්ට හැම දෙනාම වශී වුණා. කොටින්ම කිව්වොත් බුදුහාමුදුරුවන්ටත් වඩා. ඒනිසා උන්වහන්සේට බුදු හාමුදුරුවෝ නියම කළා බුදුහාමුදුරුවෝ ඉන්නකං මේ කිසිම ආරාමයකට වඩින්න එපා කියලා. එතැන් සිට උන්වහන්සේ පිට පළාතක වාසය කරල කැලෑවල මිනිසුන් අඩුව ගැවසෙන ප්‍රදේශවල ජීවත්වෙලා බුදුරජුන්ගේ පරිනිර්වාණයට තමයි ආවේ. උන් වහන්සේ පාවිච්චි කළේ මේ මාතාංගේෂ්වරි මන්ත්‍ර විතරයි. සතා සිව්පාවා හිටං වශී වුණා. අන්තිමේදී බුදු සොහොන මේ රහතන් වහන්සේ එනකං ගිනි ගත්තෙ නැහැ. ගිනි තිබ්බට මේ හාමුදුරුවන් ඇවිල්ලා ගිනි මන්ත්‍ර 3 ක් කිව්වාම තමයි ශ්‍රී දේහය ගිනිගත්තේ. ඒ ගිනි මන්ත්‍ර අදත් පුළුන් කැබැල්ලකට මැතිරුවාම ගිනි ගන්නවා. මේ වශී මන්ත්‍ර හරි බලගතුයි.

වශී ගුරුකම කරනකොට දෙපාර්ශ්වයෙන් මොකක් හරි සබඳතාවක් තියෙන්න ඕනෑ. විශේෂයෙන්ම කියන්න ඕනෑ ගුරුකම් හරියන්න දුටු පුරුද්ද ඇසූ පුරුද්ද කළ පුරුද්ද තිබෙන්නට ඕනෑ. ටික දවසක් හෝ ගුරුවරයෙක් යටතේ වැඩ කරන්නට ඕනෑ. දවසක් හෝ ගුරු ගෝලයෙක් වෙලා ඉන්න ඕනෑ. එවිට තමයි ශාස්ත්‍රය පිහිටනවා. මේ දිශ්ටි කරන කොට ඒවා නිවැරුදිව දැනගෙන කරන්න ඕනෑ. අපි දිශ්ටි කරන්නෙ ගැහැනු කෙනෙක්ව වශී කරගන්න නම් දිශ්ටිය මදන සල්ලාල දිශ්ටිය කරන්න . ඕනෑ. පිරිමි කෙනෙක් වශී කරගන්න නම් ජප මන්ත්‍රයට පෙර මදන මෝහීනිට දිශ්ටි කරන්න ඕනෑ. ඕක පැටලවුණොත් ඉවරයි. හැබැයි ඕනෑම දිශ්ටි මන්ත්‍රයක් දිශ්ටි කරන කොට ටිකක් ප්‍රවේශමෙන්. මොකද දිශ්ටි කරන්නේ රාත්‍රි යාමයට ගනුදෙනුව අමනුෂ්‍යයන් එක්ක නිසා. බොරු කරනව නම් මේ එකක්වත් අවශ්‍ය නැහැ.

නූල් පන්නන එකත් වශී ගුරුකම්වල එක පැත්තක් තමා. හැබැයි නියම කන්‍යා නූල්ම වන්ට ඕනෑ. ඔය පුංචි අඩුවක් ඇති වශියක් හරි නොයන්න. මේ ටික නම් කියන්නම ඕනෑ. වශී ගුරුකම් කරන කොට කෙනෙක් යාළුවෙල ඉඳලා වංචනික ලෙස තරහවෙලා ඇය අතහැර දාල වෙන කෙනෙකු සමග ඇසුරක් පටන් අරං තිබෙනව නම් වශී ජපය සමග දිශ්ටි මන්ත්‍ර වැඩියෙන් දිශ්ටි කරන්න ඕනෑ. එහෙම නැතුව ජපය විතරක් 1800 වරක් මැතිරුවාට ඇති. ජපය ඉවර වුණාට පලිප්පු-ප්‍රාණ-ස්පූඨ කරන්න ඕන බව නැවත කියන්න ඕන නැහැනේ. ඒවා සාමාන්‍ය දේවල් නේ. තව පුංචි එකක් කියන්නම් වශී සම්බන්ධය නොවුණත් අනවශ්‍ය පවුල් කඩා දමන ගුරුකමක් තිබෙනව නේද ලුණු මතුරල දෙන. බොහෝ අයගෙන් ආ පැමිණිල්ලක් තමයි ඒ ගුරුකම හරි ගියේ නැහැ කියන එක. ඔබ කොච්චර මැතිරුවත් ඒවා දැන් කඩවල තිබෙන සාමාන්‍ය ලුණු නම් ගුරුකම අහක යනවා. ඒව වල අයඩින් මිශ්‍රිතයි. අයඩින් මුහුදෙන් ගත් හැටියේම මිශ්‍ර කරනවා. ඒක නිසා අයඩින් මිශ්‍ර නැති ලුණු අමාරුවෙන් හෝ හොයා ගන්න. ඒ ලුණු අබ මතුරල දෙන්න. හරියට හරි.

වශී ගුරුකම් හරියනවාද?

පාරම්පරික ජ්‍යොතිෂවේදී
ගුප්ත විද්‍යාධර මීපේගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න
දු.ක.-0779870007, 0722174553

advertistmentadvertistment
advertistmentadvertistment