වී අස්වනු නෙළන විට චීනයෙන් ඩීසල් ලීටර් ලක්ෂ 75ක්

90

චීන රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ලබාදෙන ඉන්ධන ලීටර් මිලියන 10.6ක ප්‍රමාණය අතරින් ඉන්ධන ලීටර් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට රජය තීරණය කර ඇත . මෙම ඉන්ධන තොගය මෙම වසරේ දෙසැම්බර් මස වනවිට මෙරටට ලැබීමට නියමිත ය. මෙරට ගොවීන්ට කුඹුරු අස්වැද්දීම සඳහා ලබා දීමට නොහැකි වුවත්, අස්වනු නෙළන අවස්ථාවේදී එම ඉන්ධන ගොවීන් සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment