1848 දී ඉදිවූ ලංකා සභාවේ ප්‍රථම දෙව්මැඳුර

57

කොළඹ දියෝතීසියේ ප්‍රථම රදගුරු හිමිපාණන් වන දේවධර්මාචාර්ය ජේම්ස් චැප්මන් රදගුරු හිමිපානන්ගේ සුරතින් 1848 සැප්තැම්බර් මස 16 වන දින රාජගිරියේදී ශු. ස්තේපන් තුමාගේ නමින් කැප කරන ලද ප්‍රථම දෙව්මැඳුර බවට ඉතිහාසගත වේ.

දිනෙන් දින සභාවේ සිදුවූ වර්ධනය නිසා ළමුන් සඳහා පාසලක අවශ්‍යතාවය දැඩිව මතුවූ බැවින් ජී. සාමුවෙල් මහතා සිහිවීම පිණිස බෙන්ජමින් ගෝමස් සහ ජෙරමියස් ප්‍රනාන්දු යන අය විසින් 1908 දී පාසල් ගොඩනැඟිල්ලක් සාදා පරිත්‍යාග කර ඇත. මිෂණාරිවරුන් මැද වැලිකඩ තාවකාලික පාසල් ගොඩනැඟිල්ලක් ද පහළ වැලිකඩ ස්ථිර පාසල් ගොඩනැඟිල්ලක්ද ගොඩනඟන ලදි. පසු කාලයේදී මැද වැලිකඩ පාසල වසා දමන ලද අතර පහළ වැලිකඩ පාසල දියුණුවී බණ්ඩාරනායක විදුහල ලෙස වර්තමානයේ ව්‍යවහාර කරනු ලබයි.

මෙම දෙව්මැඳුරේ පනස්වන ජුබිලි සමරුම 1898 වසරේදී පවත්වන ලදි. ජුබිලි සැමරීමේ සංකේතයක් වශයෙන් දේවස්ථානයට ඇතුල් වන ස්ථානයේ වාහල් කඩත් (පෝටිපෝවක්) තනා නිමකර ඇත. 1940 වර්ෂයේදී මෙම

ගම්මානයට විදුලි බලය ලැබී ඇති අතර තම 50 වන විවාහ සංවත්සරවය සිහිකරනු වස් යූ.ජේ. ප්‍රනාන්දු දෙපළ තම ධන පරිත්‍යාගයෙන් දෙව්මැඳුර උදෙසා විදුලි බලය ලබාදී ඇත. 1948 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින ශත සංවත්සර දේව මෙහෙය ආර්ම්බෝල් රෝලෝ ග්‍රැහැම් කැම්බල් කොළඹ රදගුරු හිමිපාණන් විසින් පවත්වන ලදි. ඉන් අනතුරුව විදුලි ආලෝකයෙන් මග දෙපස ආලෝකමත් කළ සාක්‍ෂි දැරීමේ පෙරහැර වීදි සංචාරය කළේය. මෙම සංවත්සරයේදී මෙම දෙව්මැඳුර පුළුල් කිරීමේ අවශ්‍යතාව ඩී. ජී. ඒ. විජේසේකර පියතුමන් පෙන්වා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1960 වර්ෂයේ නව දෙව්මැඳුරක් රාජගිරියේදී ගොඩනැඟීමේ අරමුණින් මුල්ගල තබන ලදි.

1961 වර්ෂයේ පහළ වැලිකඩ සී.එම්.එස්. මිෂණාරි සමාගමට අයත්ව තිබූ ඉඩම් කැබැල්ලක් විකිණීමෙන් ලද මුදල වන රු. 6419 ක මුදල දේවගැති ගෘහයක් තැනීම පිණිස සභාවට ප්‍රදානය කරන ලදි. ගෞ. ඩී.ජී.ඒ. විජේසේකර පියතුමාගේ සමයේ එම උත්සාහය මල් ඵල ගැන්විණ. 1972 වසරේ පළාත් භාර පියතුමන් ලෙස සේවය කළ ගෞ. ඩග්ලස් ද මැල් පියතුමාගේ ආරාධනයෙන් නව දෙව්මැඳුර කොළඹ දියෝකීසියේ 10 වන රදගුරුතුමන් වන සිරිල් අබේනායක රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් 1973 සැප්තැම්බර් මස 26 වන දින සංස්කාර කරන ලදි. මෙම දේව මෙහෙය එවකට කොළඹ අනුනායකතුමන් ලෙස සේවය කළ වන්දනීය ස්විදින් ප්‍රනාන්දු අනුනායකතුමන් ඇතුළු දෙස් විදෙස් බොහෝ පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

නව දෙව්මැඳුර ගොඩනඟා වසර 175 ක් සපිරෙන මේ වසරේ දෙවිඳුන් හට ස්තුති දීමේ දිව්‍ය පූජා යාගය සැප්තැම්බර් මස 17 වන දින සවස 4.30ට වත්මන් පළාත් භාර දේවගැතිතුමන් වෙත ගෞ. ගාමිණි පෙරේරා පියතුමන්ගේ ආරාධනයෙන් ලංකා සභාවේ ප්‍රධාන එඬේරාණන් වන දුෂාන්ත රුද්‍රිගු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මෙම උත්සව අවස්ථාව සඳහා දේවස්ථානයේ සේවය කළ දේවගැතිවරුන් දේවගැතිවරියන් මෙන්ම ගෞරවණීය මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි විය. දෙව් මෙහෙවරේ 175 වන වසර සමරන රාජගිරිය ශු. ස්තේපතුමාගේ දෙව්මැඳුරේ කිතුණු සංඝයට දෙව් මෙහෙවරේ සඵලවන් ලෙස නිරතවන්නට දේවාශිර්වාද ලැබේවායි යන්න අපගේ යැදුමය.

සාගර පෙරේරා පියතුමා
ශු. මත්තියස්තුමාගේ දෙව්මැඳුර
ලක්‍ෂපතිය – මොරටුව.

1848 දී ඉදිවූ ලංකා සභාවේ ප්‍රථම දෙව්මැඳුර
advertistmentadvertistment
advertistmentadvertistment