ඉන්දියාව බෙහෙත් වර්ග 95ක තොග ශ්‍රී ලංකාවට දෙයි

289

ඉන්දීය රජය විසින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 95 කින් සමන්විත ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර ඇත.

ඇමරිකානු ඩොලර් 15,500 ක් වටිනා ඖෂධ තොගය ඉන්දීය නාවික හමුදාවට අයත් ‘ගිරිජ’ නෞකාව මගින් රැගෙන ආ අතර එය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් පසුගිය 29 වැනිදා සෞඛ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා වෙත වරායේදී භාරදෙන ලදී.

අප රට ඖෂධ හිඟයකට මුහුණ දෙමින් සිටින මේ අවස්ථාවේ ඉන්දියාවෙන් ලැබෙන සහය අගය කරන බවත්, සෑම අසීරු මොහොතකදී අසල්වැසි රට ලෙස ඉන්දියාව දක්වන අනුග්‍රහය අතිමහත් බවත් සෞඛ්‍ය ඇමැතිවරයා ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවේ පැවැසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මහ ලේකම් ආචාර්ය රාකේෂ් පාණ්ඩේ, ආරක්‍ෂක සම්බන්ධීකාරක කපිතාන් විකාසුඩ්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛi සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණ කමිටු සම්බන්ධිකාරක වෛi අන්වර් හම්දානි ඇතුළු පිරිසක් සහභාගී වූහ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment