මැතිවරණයට අකුල් හෙළන ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය වටලනවා

110

මුජිබර් රහුමාන්

ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගෙන යන යටිකූට්ටු ක්‍රියාමාර්ගයට එරෙහිව සමගි ජන බලවේගය ලබන සඳුදා (20 වැනිදා) කොළඹට රටේ ම ජනතාව කැඳවා ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශය වටලනවා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ‘දිවයින’ට ඊයේ (15 වැනිදා) පැවසීය.

එදින පස්වරු 2.00ට සමගි ජන බලවේගයේ සියලු ක්‍රියාකාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා කොළඹට පැමිණෙන බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ මුජිබර් රහුමාන් මහතා මෙසේ ද කියා සිටියේය.

රනිල් – රාජපක්‍ෂ ආණ්ඩුව ඡන්දය කල් දාන්නේ පරාජය අත ළඟ නිසා. පරාජයෙන් ගැළවෙන්නයි මේ අයට දැන් ඕන කරලා තියෙන්නේ. ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරලා ඡන්දය පවත්වන්නෙ නැතුව ඉන්න හදලා නැහැ. දැන් මේ අය ඡන්දය කල් දමමින් කරන්න හදන්නේ බරපතළ වරදක්. ජනතාව තමයි පරමාධිපත්‍යය.

ඡන්දය පවත්වන තුරු අපි ඉදිරියට ගත්තු අඩිය පස්සට ගන්නේ නැහැ.

ඡන්දයක් පවත්වන්නේ නැතුව ජනතාව තවත් පීඩාවට පත්කරන්නැයි රනිල් – රාජපක්‍ෂ ආණ්ඩුවට උවමනා කරලා තියෙන්නේ. ආණ්ඩුව ඡන්දය පවත්වන්නේ නැත්නම් අපි හොඳින් හෝ නරකින් මේක විසඳා ගන්නවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment