ලයිසන් මුද්‍රණයෙන් යුද හමුදාව රජයට කෝටි 82 ක් ඉතිරි කර දෙයි

124

රියැදුරු බලපත්‍ර මුද්‍රණය හා එයට අදාළ මිලදී ගැනීම් සම්බන්ධයෙන් කටයුතු කළ යුද හමුදාව ගෙවීගිය වසර දෙකහමාර තුළ රුපියල් කෝටි අසූ දෙකකට ආසන්න මුදලක් රජයට ඉතිරි කර දීමට සමත්වී තිබේ.

කෙසේ වෙතත් මෙතෙක් කරගෙන ආ කටයුතු වලින් ඉවත්වී රියැදුරු බලපත්‍ර මුද්‍රණය ඇතුළු අනෙකුත් කටයුතු යළි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත භාරදීමට ඉකුත් සතියේ යුද හමුදාව කටයුතු කළේය. එම දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව යුද හමුදාව එයින් ඉවත්ව තිබේ.

කැබිනට් මණ්ඩලය 2020 වසරේ ජූලි මස 09 වැනිදා ගත් තීරණයකට අනුව යුද හමුදා තොරතුරු තාක්‍ෂණ විසඳුම් යටතේ අදාළ කටයුතු සිදුකිරීම ආරම්භ කළ අතර 2021 වසරේ ජනවාරි පළමු වැනිදා සිට එම කටයුතු සිදුකිරීමෙන් නිකුත්කර ඇති රියැදුරු බලපත්‍ර ගණන 2,434,467 කි.

එහිදී 2021-01-01 වැනිදාට පෙර රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට වැයකළ මුදලට සාපේක්‍ෂව යුද හමුදාව ඉහත මුදල රජයට ඉතිරි කර දී ඇත.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment